Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රීමා කුසලාන 15න් පහළ ක්‍රිකට් මධ්‍යම පළාතට විශිෂ්ට ජයක්

ප්‍රීමා කුසලාන අවුරුදු 15න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා ඌව පළාත් කණ්ඩායම සමග පැවැති පළමු වටයේ තරගයෙන් ලකුණු 239ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට මධ්‍යම පළාත සමත් විය.

ගම්පොල වික්‍රමබාහු විදුහල් පිටියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මධ්‍යම පළාත කඩුලු 6ක් දැවී ලකුණු 326ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ඌව පළාත් කණ්ඩායමට ඕවර 26ක් අවසානයේ සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 87ක් පමණි. මධ්‍යම පළාත් ඉනිමේදී ළහිරු අබේසිංහ (67), අංජන බණ්ඩාර (57) සහ මලිත් කුලතුංග (55) අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ.

ම්‍යධම පළාත් පිල - 326/6 (ඕවර 50) ළහිරු අබේසිංහ 67, අංජන බණ්ඩාර 57, මලිත් කුලතුංග 55, එස්.මැතිව් 46 (චානුක ධනංජය 29/2)

ඌව පළාත - 87 (ඕවර 26) සඳුන් සන්දීප 37 (ඉෂාර මධුවන්ත 14/2, විහාන් මුදුන්කොටුව 27/2)

බස්නාහිර පළාත් මධ්‍යම දිනයි

නැඟෙනහිර පළාත් කණ්ඩායම සමග පල්ලේකැලේ පැවැති තරගය කඩුලු 9කින් ජය ගැනීමට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නැඟෙනහිර කණ්ඩායම ලකුණු 126කට සීමාකළ බස්නාහිර මධ්‍යම ක්‍රීඩකයෝ ඕවර 17.3කදී ජය හිමිකර ගත්තේ කඩුල්ලක් පමණක් අහිමිකර ගනිමිනි.

නැඟෙනහිර පළාත - 126 (ඕවර 37.5) නිත්‍ය දර්ශන 51 (යසිරු යුගීත් 25/5, වෙනුෂ ආකාශ් 15/2, යුනෙත් සෙනෙවිරත්න 35/2)

බස්නාහිර පළාත් මධ්‍යම - 130/1 (ඕවර 17.3) සහන් කෞෂල්‍ය නොදැවී 50, යුනෙත් සෙනෙවිරත්න 48

බස්නාහිර උතුරටත් ජය

බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම පෙරේදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කඩුලු 8ක ජයක් හිමිකර ගත්තේ උතුරු පළාත් පිලට එරෙහිවය.

පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව උතුරුට ලබාදෙමින් ඉනිම ලකුණු 127කට සීමාකළ බස්නාහිර පළාත් උතුරු ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී තිබියදී ජය හිමිකර ගත්තේ ඕවර 16.2කදීය.

උතුරු පළාත - 127 (ඕවර 28.5) ඩී.පෝල් 35 (චමිත් චාතුර්ය 13/4, හසංග නානාක්කාර 30/3, සෙනුක සේරසිංහ 27/2)

බස්නාහිර පළාත් උතුර - 128/2 (ඕවර 16.2) රුසිරු විලෝචන නොදැවී 42

බස්නාහිර පළාත් උතුර පිටත කණ්ඩායමට ජය

උතුරු මැද පළාත් කණ්ඩායම සහ බස්නාහිර පළාත් උතුර පිටත කණ්ඩායම අතර තරගයෙන් බස්නාහිර ක්‍රීඩකයෝ පැරබෝලා ක්‍රමවේදය අනුව ලකුණු 69ක ජයක් අත්කර ගත්හ. තරගයේ පළමුව පන්දුවට පහරදුන් බස්නාහිර ක්‍රීඩකයෝ ලකුණු 237ක් රැස්කළ අතර වර්ෂාවෙන් බාධාවීම හේතුවෙන් උතුරු මැද ක්‍රීඩකයන්ට පැරබෝලා ක්‍රමවේදය අනුව ඕවර 25කදී ලකුණු 158ක ඉලක්කයක් හිමිවිය. එහෙත් ඔවුන්ට ලබාගත හැකිවුයේ කඩුලු 4ක් දැවී ලකුණු 89ක් පමණි.

බ.උතුර පිටත - 237 (ඕවර 49.3) යෙහබන් අදිත්‍ය 40 (පී. දේශාන් 41/3, සිතුල් විජේසේකර 45/3, කවිඳු අමන්ත 45/2)

උතුරු මැද පළාත - 89/4 (ඕවර 25)

බස්නාහිර පළාත් දකුණත් දිනයි

වයඹ පළාත සමග පැවැති තරගයෙන් බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම ජය ගත්තේ කඩුලු 7කිනි.

කටුනායක පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් වයඹ පළාත ලකුණු 203කට දැවී ගිය අතර ඕවර 39.1කදී ජයග්‍රාහී ඉලක්කය පසුකිරීමට බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම සමත්වූයේ ඕවර 39.1කදීය.

වයඹ පළාත - 203 (ඕවර 47.1) අමේෂ් තෙන්නකෝන් 65 (සුමල්ක තීක්ෂණ 43/3, සුකිත දෙව්තිලිණ 29/2, හිරාන් සිල්වා 36/2)

බස්නාහිර පළාත් දකුණ - 207/3 (ඕවර 39.1) රාමේෂ් මෙන්ඩිස් 80, ප්‍රවීන් කුමාරප්පෙරුම 51

බස්නාහිර දකුණ පිටත පිලට ජය

දකුණු පළාත සමග මූවර්ස් පිටියේ පැවැති තරගයෙන් බස්නාහිර පළාත් දකුණ පිටත කණ්ඩායමට ලකුණු 44ක ජයක් හිමිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බස්නාහිර දකුණ පිටත ක්‍රීඩකයෝ ලකුණු 131ක් රැස්කළ අතර පිළිතුරු ලෙස දකුණු පළාත් කණ්ඩායමට ලබාගත හැකිවුයේ ලකුණු 87ක් පමණි.

බ. දකුණ පිටත - 131 (ඕවර 45.5) යෙසිත කළුපහන 34 (චානක ජනංග 23/3, දනුජ ජයවීර 15/2)

දකුණු පළාත - 87 (ඕවර 33) (උදාන් තේජස 20/3, විශ්ව ලහිරු 14/2)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();