නව ජාතික අපනයන ප්‍රතිපත්තියක් සකස් කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පියවර ගෙන ඇති බව සඳහන් වේ. රාජ්‍යමය සහ පෞද්ගලික අංශයන් හි දායකත්වය යටතේ මෙම නව ප්‍රතිපත්තිය සකස් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්ත සඳහන් කර ඇත.
එම නව ප්‍රතිපත්තිය ලබන 19 වනදා එළි දැක්වීමට නියමිත බවත් එය පොදු පිළිගැනීමක් සහිත අපනයන ප්‍රතිපත්තියක් ලෙස හඳුන්වාදිය හැකි බවත් සභාපතිවරිය සඳහන් කර ඇත.
එමෙන්ම මේ වන විට මෙරට අපනයන වටිනාකම ඩොලර් බිලියන 15 යි දශම දෙකක් වන බවත් එය 2022 වන විට ඩොලර් බිලියන 28 දක්වා ඉහළ නැංවීම මෙම නව ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
The post නව ජාතික අපනයන ප්‍රතිපත්තියක් 19වනදා එළි දැක්වෙයි. appeared first on Lanka News Column.
0 Comments