Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්ද යට කරගෙන උඩට එන්න හදන ගෝඨාට ඉඩදිය යුතු නැහැ – වාසුදේව.

Vasu

මහින්ද රාජපක්ෂගේ නායකත්වයට මුවාවී ඒ නායකත්වය යට කරගෙන ගෝඨාභය රාජපක්‍ෂට පැමිණීමට ඉඩදිය නොහැකි බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර ඇත. ඔහු මෙම අදහස් පළකර ඇත්තේ බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති වාසුදේව නානායක්කාර ,

මේ ආණ්ඩුව කඩලා මහින්ද මහත්තයා මේ පාර්ලිමේන්තුවේ අගමැති කරන්න අපට වුවමනයි. ඒ සඳහා වැඩ පිළිවෙළ සරල බහුතරය කඩා අපේ පැත්තට මන්ත‍්‍රීවරුන් ගැනිමයි. මහින්ද මහත්යාගේ නායකත්වයෙන් මිස වෙනත් නායකත්වයන් ආදේශ කරන්න බැහැ. මහින්ද මහත්තයාගේ නායකත්වයට මුවාවෙලා ඒ නායකත්වය යට කරගෙන එන්න ගෝඨාභයට ඉඩ දෙන්න බැහැ. තුනෙන් දෙකක බලයක් ගෙනත් විධායක ජනපතිවරණයක් අනවශ්‍ය තැනට ගෙනෙන්න. මේ වැඩ පිළිවෙළ මොකක්ද කියලා අහනවා. අපේ වැඩ පිළිවෙළ යාවත් කාලීන කළ මහින්ද චින්තනය මිස ගෝඨාභය ගේන වියත් මග නොවෙයි.

ඉදිරියේ හැදෙන ආණ්ඩුවක මූලික ලක්ෂණ වියත් මඟ ඉදිරිපත් කරන වැඩ පිළිවෙලෙහි ඇතැයි ඔවුන් පවසන  කතාව පරස්පර යැයි පවසා ඇති වාසුදේව නානායක්කාර, මහින්ද චින්තනය ජනතාවාදී බවත් මහින්ද පෙරටු කර ගත් ඔහු අගමැති කරගත් රජයකින් මැතිවරණ මෙහෙය විය යුතු බවත් ප‍්‍රකාශ කර ඇත.

ඉදිරි මැතිවරණවල අපේක්ෂකයින් කවුරු වුවත් ඒ මැතිවරණ කරා යා යුත්තේ මහින්ද රාජපක්ෂගෙ  නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ලෙස යැයි වාසුදේව නානායක්කාර  ප්‍රකාශ කර ඇති අතර, ජනාධිපතිවරණයක් පැවැත්වීම නැවැත්විය යුතු බවත් ඒ සඳහා ජනමත විචාරණයක් ලබා ගැනීමට උත්සාහ කළ යුතු බවත් එය පවා සිදුවිය යුත්තේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතුව බවත් සඳහන් කර ඇත.

The post මහින්ද යට කරගෙන උඩට එන්න හදන ගෝඨාට ඉඩදිය යුතු නැහැ – වාසුදේව. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();