Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආපදා සහන සඳහා රුපියල් මිලියන 12ක් රජය වෙන්කරයි

ආපදා සහන සඳහා රුපියල් මිලියන 12ක මුදලක් කඩිනම් සහන ලෙස රජයෙන් ලබා දි ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියි.
 
ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ අද(25)  පැවැති මාධ්‍ය හමුවක දී ඇමතිවරයා මේ බව පැවසිය.
 
පවතින අයහපත් කාළගුණ තත්වය නිසා මේ වන විට පවුල් 20,000කට පමණ බලපෑම් ඇති වි තිබේ. කොළඔ හා ගම්පහ දිස්ත්‍රික්කවල පවුල් 3600 - 4000ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගොස් ඇත. මෙම ආපදා තත්ත්වය හමුවේ සියලු රාජ්‍ය නිලධාරන්,ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සිරුවෙන් ඇති බවත්,මේ වන විට එක් පුද්ගලයෙකු මරණයට පත් ඇති බවත් මෙහිදී අනාවරණය විය.
 
මෙම ආපදා තත්ත්වයට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් පිසු ආහාර ලබා දිමේ කටයුත්ත දැනටමත් ආරම්භ කිරිමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන් බව පැවසු ඇමතිවරයා, මෙහි වැඩි බලපැම දකුණ හා බස්නාහිර පළාත් සඳහා සිදුව ඇතැයි සදහන් කළේය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();