Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කළුතර මුහුදේ දිය නෑමට ගිය සිසුන් 5ක් අතරින් එක් සිසුවෙක් අතුරුදන්

කළුතර දකුණ පොලිස් වසමේ ශාන්ත සෙබස්තියන් පාරේ පිහිටි හෝටලයක් පිටුපස මුහුදු තීරයේ දිය නෑමට ගිය සිසුවෙක් අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
 
සිසුන් පස් දෙනෙක් දිය නෑමට ගොස් ඇති අතර, එයින් එක් සිසුවෙක් මෙලෙස අතුරුදන්ව තිබේ.ඊයේ(21) සවස 3.30ට පමණ මෙය සිදුව ඇත.
 
මේ පිළිබඳ කළුතර දකුණ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
 
මෙසේ අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 15 ක් වු බෝගහවත්ත, කටුකුරුන්ද, කළුතර දකුණ ලිපිනයේ පදිංචි කටුකුරුන්ද ධර්මපාල විද්‍යාලයේ 10 වන වසරේ ඉගෙනුම ලබන මඳුරාගේ සසිඳු මල්ශාන් යන පිරිමි දරුවෙකි.
 
පොලීසිය, ප්‍රදේශවාසීන් හා කළුතර දකුණ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් අතුරුදන් වු සිසුවා සොයා මෙහෙයුම් සිදු කරයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();