අප ජීවත් වන්නේ තාක්ෂණික යුගයකයි. සෑම දෙයකම සෑම තැනකම ඇත්තේ තාක්ෂණයයි. තාක්ෂණයේ දියුණුවත් නවීකරණයත් සමඟ ජනතාවගේ ජීවිත වඩා පහසු කර සමාජයේ යෙදුම් වෙත ධනාත්මක දායකත්වයක් ලබා දී ඇත. සන්නිවේදන තාක්ෂණය දිනපතාම ඇති සම්මතයක් බවට පත් වී ඇති අතර ඔවුන්ගේ ජීවිතයේ සෑම මොහොතකම එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ දී ලෝක ගෝලය හැකිලී විශ්ව ගම්මානයක් බවට පත් වී ඇතැයි කොළඹ සාන්ත ජෝසප් විදුහලේ හිටපු අදියුරු ට්‍රැවිස් ගේබ්‍රියෙල් පියතුමා විදුහල් වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී පැවසූහ.
මිනිසා ජීවිතයේ සෑම මොහොතකම එකිනෙකා සමග සන්නිවේදනයන් පවත්වයි. ස්මාට් ජංගම දුරකථන භාවිතය සමාජයේ මිනිසුන් අතර වැඩි වෙමින් පවතී. 21 වන සියවසේ ජංගම දුරකථන භාවිතය දෛනික ජීවිතයට වැදගත් අංගයක් වී ඇත. ස්මාට් දුරකථන භාවිතය විවිධ අරමුණු සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වී ඇත. එනම් පෞද්ගලික සමාජ ජාලා සහ මුල්‍ය ගෙවීම් සඳහා ස්මාට් ෆෝන් භාවිතය අවශ්‍යතාවයකි. තාක්ෂණික අංශය සංවර්ධනාත්මකව ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතී. එහි ඇති වී තිබෙන නව නිපැයුම් කීපයක්ම මිනිස් ජීවිතවලට බලපෑම් එල්ල කරයි.
මුල් කාලවලදී දුරකථන මිලදී ගත්තේ ඇමතුම් සඳහාත් පණිවුඩ යැවීමත් වැනි මූලික අරමුණු වෙනුවෙනි. නමුත් වර්තමානයේ දුරකථන භාවිතා කරන්නේ විශේෂයෙන් විනෝදාස්වාදය හා සන්නිවේදනය සඳහා ය. මෙම උපාංගවලින් වාසිදායක හා අවාසිදායක ප්‍රතිඵල ඇති වන්නේ ඒවායේ මිල භාවිතය සෞඛ්‍ය හා සමාජීය ගැටලු මතය.
අද යෞවනයන්ගේ 90% කට වැඩිය දුරකථන භාවිතා කරයි. මෙය යෞවනයන්ගේ ජීවිත වලට විශාල බලපෑමක් එල්ල කරයි.
අද වත්මන් සමාජයේ අධ්‍යාපන කටයුතු සඳහා ස්මාට් ෆෝන් භාවිතය ඉතා ශීඝ්‍රයෙන් වැඩි වී ඇත. එවිට අධ්‍යාපනික ක්ෂිතිජය පුළුල් කරගැනීමටත් වැඩි දියුණු කර ගැනීම සඳහාත් අධ්‍යාත්මික දේ අධ්‍යයනය කර එය පිරික්සුමට ලක් කිරීමෙන් විභාගවලට සූදානම් වීමටත් එක් අතකින් එය උපකාරී වේ.
සමහර ශිෂ්‍යයන් ස්මාට්ෆෝන් භාවිතය ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා කරන අතර ශිෂ්‍යයන් වැඩි දෙනෙක්ටම මෙය සිත එකලස් කර ගැනීමට බාධාක් වේ. කෙසේ වුවත් ස්මාට් ෆෝන් භාවිතය වැඩිවීමත් එයට යොදන වේලාව වැඩිවීමත් නිසා ස්මාට් ෆෝනයට ඇබ්බැහි වීමකට මග පෑදෙනු ඇත.
මෙය ශිෂ්‍යයන් තුළ මානසික ආතතියක් ඇතිවීමට ඉඩ තිබේ. වැඩි වේලාවක් ෆේස් බුක් සමාජ ජාලා තුළ කාලය ගතකිරීම නිසා බහු විවිධ ඍණාත්මක මනෝ විද්‍යාත්මක බලපෑම් ඇතිවීමට ඉඩ තිබේ. මේවායේ ප්‍රතිඵල වන්නේ යෞවනයන් තුළ, සමාජ විරෝධී හැසිරීම්, ප්‍රචණ්ඩත්වය, මනෝවිද්‍යාත්මක විසංවාදය, ආක්‍රමණශීලි හැසිරීමේ ප්‍රවණතාවය, කල්පනාකාරී ශක්තිය හීන වීම යනාදියයි.
තාක්ෂණයට නිතිපතාම සම්බන්ධවීම නිසා යෞවනයන්ගේ අධ්‍යාපනයට ගැඹුරු බලපෑමක් එල්ල විය හැකිය. සමහර යෞවනයන් ස්මාට් ෆෝන් වල ඉතා දිගු කාලයක් යෙදී සිටී. එවිට ඔවුන්ට අධ්‍යාපන කටයුතු සඳහා ඇති වේලාව ප්‍රමාණවත් නොවේ. තවත් සමහර ශිෂ්‍යයන් පාඩම් කරන්නේ ස්මාට් ෆෝන් එකක් ළඟ තබාගෙන. නමුත් ෆෝන් නාද වූ විට හෝ කෙටි පණිවුඩ ලැබෙන නාදය ඇති වූ විට ඔවුන්ගේ පාඩම්වලට එය බාධාවක් වේ. එවිට ඔවුන් පාඩම් කිරීමට කාලය ගත කළත් එයින් කිසිවක් මනසට යන්නේ නැත. මේ සම්බන්ධයෙන් කර ඇති පරීක්ෂණවලින් හෙළි වන්නේ ස්මාට් ෆෝන් වැඩියෙන් භාවිතා කරන සිසුන් තුළ මානසික අවපාතයක් ඇතිවන බවයි. අද සමාජයේ බරපතළ ගැටලුවක් වී ඇත්තේ යෞවනයන් මේ ස්මාට් ෆෝන් එකට ඇබ්බැහි වීමයි.
මෙම ඍණාත්මක බලපෑම් ගැන දන්නා මව්පියන් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් දුරකථන භාවිතය තහනම් කිරීම එයට විසඳුමක් නොවේ. මන්ද යෞවනයත් කෙසේ හෝ ක්ෂණිකව තහනමට විසඳුම් සොයා ගනී. එවිට මාපියන් හා දරුවන් අතර ඇති, සම්බන්ධතාවය බිඳ වැටීමට ඉඩ තිබේ.
මාපියන් තම දරුවන් සමඟ තාක්ෂණයේ පිළිගත් භාවිතය පිළිබඳ කථා කළ යුතුයි. එවිට මාපියන් හා දරුවන් අතර විශ්වාසනීය සම්බන්ධතාවයක් ගොඩ නැගෙනු ඇත. යහපත් මාපියන්ට කථා කිරීම තුළින් තම දරුවන්ට දුරකථනය භාවිතා කිරීමේ දී වගකීමකින් යුක්ත වීම ඒත්තු ගැන්විය හැකිය. මාපියන්ගේත් ගුරුවරුන්ගේත් වැඩිහිටියන්ගේත් විශාල කාර්යභාරයක් වන්නේ මෙයයි. යනුවෙන් ග්‍රේබියෙල් පියතුමා වැඩි දුරටත් පැවසීය.
වත්තල විශේෂ -ජෝශප් පයස්
0 Comments