Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මොනරාගල දිසාවේ සර්ව ආගමික නායකයන් සමඟ විශේෂ සාකච්ඡාවක්

මොනරගල දිස්ත්‍රික්කයේ සියලු සර්ව ආගමික නායකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගියදා (25) මොනරාගල මුලස්ථාන පොලිස් පරීක්ෂක කාර්යාල පරිශ්‍රයේදී මොනරාගල පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ සාකච්ඡාවට වැල්ලවාය, බුත්තල, බඩල්කුඹූර ,මොනරාගල, බිබිල ,මැදගම හා දඹගල්ල කොට්ඨාසවල සර්ව ආගමික නායකයෝ විශාල පිරිසක් එක්වුහ.

ජාතීන් අතර සුහදතාව ඇතිකිරීම, කටකතා පැතිරීම වළක්වාගැනීම ,ජාතිවාදි අන්තවාදි මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් මෙන්ම කඩාකප්පල්කාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම ඇතුළු කරුණු රුසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ගැනිණි.

මේ හමුවේදී මොනරාගල පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා කියා සිටියේ සහඡිවනය හාස්‍යයට ලක්වි ඇත් බවත් එය සහජීවනය කියලා ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කිරීමට ඉඩදිම සහජීවනය නොවන බවත් ඒ නමින් අන්තවාදි හෝ මුලධර්මවාදින් කිසියම් වාසියක් ගැනීමට හෝ කුමන්ත්‍රණයක් කරනවානම් එයද සහජීවනය නොවන බවත් එවැනි සිද්ධින් මාලාවක් පසුගිය දිනවල දක්නට ලැබුණු බවත් සිදුවු සංවේදී සිද්ධින් හමුවේ දිස්ත්‍රික්කයේ බෞද්ධ මෙන්ම කතෝලික ජනතාව හා ආගමික නායකයන්ගේ හැසිරිම්, ක්‍රියා කලාප ,අදහස් දැක්වීම හා ඉවසිම සමබන්ධයෙන් තමන් දැඩි ස්තුතිය මෙන්ම ප්‍රසංශා කරන බවත් කියා සිටියේය.

දිස්ත්‍රික්කයේ සියලු ආගමික නායකත්වය ගැන දැඩි විශ්වාසයකින් පසුවන බවත් ගෞරවයක් පවතින බවත් ජනතාවට බලපෑමක් කිරීමේ හැකියාවක් ඇති බවත් මේ සිදුවිමේදි මුස්ලිම් අන්තවාදින් කොටසක් විසින් සිදුකර ඇති බවත් එවැන් තත්ත්වයන් පාලනය කිරීමේ වගකීමක් මුස්ලිම් නායකයන්ට ඇති බවත් එම බලවේග මෙන්ම සංවිධාන මුලිනුපුටා දැමිමේ හැකියාම ඇත්තේ ද මුස්ලිම් නායකයන්ට බැවින් ඒ සඳහා ඇපකැපවි කටයුතු කරන ලෙසත් එවැනි විනාශකාරි ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ගේ තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදෙන ලෙසත් කියා සිටියේය.

වැල්ලවාය විශේෂ
ජී.අයි. ආර්. ගරුසිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();