Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බෞද්ධ කොඩියට වසර 134යි

ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය ලක්වැසි බෞද්ධ ජනතාවට හඳුන්වාදී හෙට (28) දිනට වසර 134ක් සපිරෙයි.

අදින් වසර 134කට පෙර එනම් 1885 අප්‍රේල් 28 දා ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය කොළඹ කොටහේන දීපදුත්තාරාම විහාරස්ථානයේ දී මහත් උත්සවශ්‍රීයෙන් ඔසවා ඊට ගෞරව දක්වා ඇත.

අද ශ්‍රී ලංකාවාසී මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ද ඉමහත් භක්තියකින් ගෞරව කරන ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය නිර්මාණය කිරීම සඳහා එදා විශේෂ කමිටුවක් පත්කර තිබූ අතර, එම කමිටු සාමාජිකයන් විසින් විවිධ මාදිලියේ හැඩවලින් හා වර්ණවලින් යුතු නිර්මාණ ඉදිරිපත් කළහ.

මේ නිර්මාණ අතර ෂඩ් වර්ණ බුද්ධ රශ්මිය විදහාපාන අයුරින් සී. පී. ගුණවර්ධන සූරීන් විසින් ඉදිරිපත් කරන ලද සැළසුම වඩා සුදුසු යැයි එම කමිටුව විසින් පිළිගන්නා ලදී.

රත්නසිරි පතිරණ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();