ගොතටුව බ්ලැක්පැන්තර්ස් ක්‍රීඩා සමාජය සෑම වසරකම නත්තල් දිනයේ සංචිධාන කළ නත්තල් ක්‍රිකට් තරගාවලියේ ජය බ්ලැක්පැන්තර්ස් ‘බී’ පිල දිනා ගනියි. ගොතටුව මහා විදුහල් ක්‍රීඩා පිටියේ පැවැති එම තරගාවලියට කණ්ඩායම් තුනක් එක්ව සිටි අතර අවසන් මහා තරගයේදී රොෂාන් ඇනස්ලිගේ නායකත්වයෙන් යුත් බ්ලැක්පැන්තර්ස් ‘බී’ පිල වෙතින් කඩුලු 9කින් තාරක දිලාන් නායකත්නවය දැරූ බ්ලැක්පැන්තර්ස් ‘ඒ’ පිල පරාජය විය. තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස සුදේශ් ප්‍රදීප් කුමාර, දක්ෂතම පන්දු යවන්නා ලෙස ටෝනි ඇනස්ලී හා තරගාවලියේ වීරයා සම්මානය ප්‍රසන්න සංජීව දිනාගත්හ.
0 Comments