අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකළ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංග යෝජනාවට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉදිරිපත් කළ එකම කොන්දේසිය වුයේ මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති ධුරයට පත් වීමේ දී ඉදිරිපත් වු යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම පමණක් බවද කිරිඇල්ල මහතා කීය. ඊට අමතරව උතුරු පළාතේ සංවර්ධනය කඩිනම් කිරීම සඳහා උතුරේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකිරීමට අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලා තිබේ. උතුරේ තරුණ තරුණියන්ට රැකියා ලබා දීමට විරුද්ධවීමට දකුණේ කිසිවකුට හැකිදැයි සභානායකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
0 Comments