Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අවුරුද්දට ගමන් බිමන් යන්න විශේෂ දුම්රිය සේවා

Author(s): 
ශීලා උඩුවර

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලායන මගී ජනතාවගේ ගමන් පහසුව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම 7 වැනිදා සිට විශේෂ දුම්රිය ධාවනයට එක්කරයි.

කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල වේයන්ගොඩ , දකුණු කළුතර- වේයන්ගොඩ , යාපනය, මහව, ගාල්ල, මාතර ආදි විවිධ පළාත් මෙම විශේෂ දුම්රිය 'ධාවනයට යොදවන බ ව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවැසිය.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා හා දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එම්. අබේවික්‍රම මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙම විශේෂ දුම්රිය ධාවනයට යොදවනු ලැබේ.

07,09,12,හා 15 යන දිනයන්හි කොළඹ කොටුවෙන් පස්වරු 7.20 ට පිටත්ව බණ්ඩාරවෙළට අලුයම 3.40 ටද, 08, 10. 13 හා 16 යන දිනයන්හි බණ්ඩාරවෙලින් පෙරවරු 8.07 ට පිටත්ව කොළඹ කොටුවට පස්වරු 4.46 ටද, මේ අනුව දුම්රියන් දිවවේ.

14 වැනි දින කොළඹ කොටුවෙන් පෙරවරු 8ට පිටත්ව වේයන්ගොඩට පෙරවරු 9 .12 ටද,

වේයන්ගොඩින් පෙරවරු 9.30ට පිටත්ව දකුනු කළුතරට මධ්‍යහ්න 12.09 ටද, යයි.

දකුණු කළුතරින් පස්වරු 1 ට පිටත්ව වේයන්ගොඩට පස්වරු 3.37 ටද,වේයන්ගොඩින් පස්වරු 4 ට පිටත්ව කොළඹ ‍කොටුවට පස්වරු 5.12 ටද, මරදානෙන් පෙරවරු 7.40 ට පිටත්ව දකුණු කළුතරට පෙරවරු 9.07 ටද, දකුණු කළුතරින් පෙරවරු ප 9.20 ට පිටත්ව වේයක්ගොඩට පෙරවරු 11.57ටද, යයි.

එදිනමවේයන්ගොඩින් පස්වරු 12.25 ට පිටත්ව බදකුණු කළුතරට පස්වරු බ2.59 ටද, දකුනු කළුතරින් පස්වරු 3.20 ට පිටත්ව මරදානට පස්වරු 4.44 ටද, යයි.

12 වැදින - කොළඹ කොටුවෙන් පස්වරු 10 ට පිටත්ව යාපනයට පෙරවරු 6.30 ටද, යාපනයෙන් පස්වරු 8 ට පිටත්ව කොළඹ කොටුවට පෙරවරු 4.43 ටද,යයි.

7 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ කොටුවෙන් පස්වරු බ 1.05 ට පිටත්ව මහවට පස්වරු 4‍.29 ටද, මහවින් පස්වරු 5.10 ට පිටත්ව කොළඹ කොටුවට පස්වරු 8.57 ට පැමිණේ.

11,12,13, සහ 17 යන දිනයන්හි මරදානෙන් පෙරවරු 9.20 ට පිටත්ව ගාල්ලට මධ්‍යහ්න 12.02 ටද, ගාල්ාලන් පස්වරු 1.15ට පිටත්වමහදානට පස්වරු 3.50 ටද,මරදානෙන් පෙරවරු 11.50 ට පිටත්වගාල්ලට පස්වරු 2.05 ටද, ගාල්ලෙන් පස්වරු 5.55 ට පිටත්ව මරදානට පස්වරු 8.49 ටද, පැමිණේ.

11.12,15, සහ 16 යන දිනයන්හි ප.ව 2.55 ට මරදානෙන් පිටත්ව පස්වරු 6.16 ට මාතරටද,මාතරින් පස්වරු 7 ට පිටත්ව පස්වරු 10.50 ට මරදානටද, පැමිණේ.

12 වැනිදින කොළඹ කොටුවෙන් පස්වරු 6.50 ට පිටත්ව ගාල්ලට පස්වරු 9.12 ටද, ගාල්ලෙන් පස්වරු 9.30 ට පිටත්ව මරදානට පස්වරු 11.49 ටද, පැමිණේ.

16 වැනි දින කොළඹ කොටුවෙන් පස්වරු 6.50 ට පිටත්වගාල්ලට පස්වරු 9.12 ට ද,

17 වැනි දින ගාල්ලෙන් පෙරවරු 7.05 ට පිටත්ව මරදානට පෙරවරු 9.22 ටද පැමිණේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();