ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලට බලපාහැකි නව Ransomware අවදානමක්
ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන වලට බලපාහැකි ransomware සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට මයික්‍රෝසොෆ්ට් සමාගමට හැකිවී ඇත. මෙම ransomware වර්ගය MalLocker.B යනුවෙන් හදුන්වා දී ඇති අතර මේ මගින් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය unlock කළ නොහැකි ලෙස පවත්වාගෙන යෑමට හැකි බවට තොරතුරු අනාවරණය වී ඇත.
අනිෂ්ට මෘදුකාංගය ස්ථාපිත ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය unlock කරගැනීම සදහා කප්පම් ගෙවීමක් සිදුකලයුතු බැවින් මෙවැනි සයිබර් ප්‍රහාර ransomware නමින් හදුන්වනු ලබයි. මෙවැනි ransomware මෘදුකාංග ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන වලට ස්ථාපනය වන්නේ Google Play Store වෙතින් පරිබාහිරව ලබාගන්නා යෙදුම් නැතහොත් APK ගොනු හරහා වේ.
මෙම MalLocker.B ransomware සයිබර් ප්‍රහාර අවදානමෙන් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය ආරක්ෂා කරගැනීම සදහා Google Play Store වෙතින් පමණක් දුරකථන යෙදුම් භාගත කරගන්නා ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන පරිශීලකයන්ට දැනුම් දෙමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
The post Google Play Store වෙතින් පමණක් දුරකථන යෙදුම් භාගත කරගන්න. appeared first on Lanka News Column.
0 Comments