මුලතිව් පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ සැරයන්වරයෙක් රාජකාරී වල නිරත වෙමින් සිටිය දී රිය අනතුරකින් ඊයේ (15 ) මිය ගොස් ඇත
මුලතිව් කෝකිලායි මාර්ගයේ සිලාවත්ත පාසල අසල දී කෝකිලායි දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් මාර්ගයේ රාජකාරී වල නිරත වූ සැරයන්වරයාගේ ඇගේ ගැටී අනතුර සිදුව ඇත
අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා මාන්වෝලේ රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 43 ක් වූ උලපනේ ගම්පොළ පදිංචි පොලිස් නිළධාරි කෙනෙකි
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මුලතිව් පොලිසිය විසින් සිදු කරයි
0 Comments