ජාතික තවුහිද් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 03 ක් ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට අදාල අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල ප්‍රකාරව, ජාතික තවුහිද් ජමාත්, ජාමතෙයි මිල්ලතු ඊබ්‍රහිම් සහ විල්ලායත් අස් සෙයිලානි යන සංවිධාන තහනම් කිරීමට අදාලවයි.
මෙම සංවිධාන 03 ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට 2019 අංක එක දරණ හදිසි අවස්ථා නියෝග යටතේ ඇති බල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය අප්‍රේල් මස 27 වනදා පියවර ගනු ලැබුවේය.
0 Comments