Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තනතුරුවලින් යන්න සූදානම් පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමැතිවරු ජනපතිට දැන්නුවා

Author(s): 
සමන්මලී ප්‍රියශාන්ති

තනතුරුවලින් ඉවත් වෙන්න සුදානම් බවට විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු ජනාධිපතිවරයාට දැනුම් දීමට කටයුතු කළ බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

තමන් ඇතුළු පිරිස තනතුරුවලින් ඉවත් වන්නේද නැද්ද යන්න තීරණය කිරීම පැවරෙන්නේ ජනාධිපතිවරයාට මිස එක්සත් ජාතික පක්ෂයට නොවන බව පැවසු ඇමැතිවරයා, විශ්වාසභංගයට පක්ෂ වීම ජාතික ආණ්ඩුවක් ක්‍රියාත්මක වීමට බාධාවක් නොමැති බව ද කී‍වේය.

ඉදිරියේ ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යන්නේ නම් එහිදී පක්ෂවල අනන්‍යතාව රැක ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව ද පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී ඊයේ (5) සවස පැවැති මාධ්‍ය හමුවක දී ජයසේකර මහතා මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද කීවේය. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් හා ඡන්දය දීමට නොපැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු අතර කිසිම මත ගැටුමක්, ප්‍රශ්නයක් නැහැ. අපි සියලු දෙනා ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස කටයුතු කරනවා.

අපි මේ තීරණය ගත්තේ තනතුරු, වරදාන වරප්‍රසාද සියල්ල අතහරින්න බලාගෙනයි. අපි විශ්වාසභංගයට පක්ෂ බවට පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය ජනාධිපතිවරයාට ද දැනුම් දුන්නා. ඒ තීරණය ගැන එතුමාගේ අසතුටක් තිබුනේ නැහැ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();