Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රීලනිප ඇමැතිවරු 5ක් ඉල්ලා අස්වෙන්න සූදානමක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබු විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමතිවරු පස් දෙනෙක් ඇමතිධුරවලින් ඉල්ලා අස්වන බව එක්සත් ජාතික පක්ෂයට ඊයේ (05) දැනුම් දී ඇතැයි වාර්තා වේ.

චන්දිම වීරක්කොඩි,ජෝන් සෙනෙවිරත්න, එස්.බී.දිසානායක, සුසිල් ප්‍රේමචන්ද්‍ර,අනුර ප්‍රියදර්ශන යාපා මෙසේ දැනුම් දී තිබේ. දයාසිරි ජයසේකර මහතා ඉල්ලා අස්වන බවට ඊයේ හවස් වනතුරුම දැනුම් දී නොතිබිණි.

විශ්වාසභංග යෝජනාවට ජන්දය දුන් සියලුම අමාත්‍යවරුන් අමාත්‍යධූරවලින් ඉවත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් පෙරේදා(04) රාත්‍රියේම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී තිබුණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේදී ජන්දය දුන් කිසිම ඇමතිවරයකුට තවදුරත් තනතුරු දැරිමට ඉඩ නොදෙන ලෙස මේ ලිපියෙන් ඉල්ලා තිබිණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();