Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැති රනිල් තවදුරටත් මහත්මා ගතිය පෙන්වයි – විශ්වාසභංගෙ ඉවත් කර ගන්නැයි එජාප මන්ත්‍රීන්ට කියයි..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  අමාත්‍යවරුන් 06 දෙනෙක්ට සහ නියෝජය කථානායක තිලංග සුමතිපාලට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් අද (06) කථානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනාවන් ඉවත් කර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සඳහන් කර සිටිනවා

සම්බන්ධිත පුවත : ශ්‍රීලනිප කැබිනට් ඇමතිවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවන් කථානායකට භාරදෙයි..!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පැවති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ප්‍රකාශ කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් 06 දෙනෙක්ට සහ නියෝජය කතානායකවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් විසින් අද (06) විශ්වාසභංග යෝජනා 07 ක් වෙන වෙනම කථානායක කරු ජයසුරියට භාරදී තිබෙනවා.

එම විශ්වසභංග යෝජනා ලබා දී ඇත්තේ දයාසිිරි ජයසේකර, එස් බී දිසානායක, සුසිල් පේ‍්‍රමජයන්ත්, අනුර පි‍්‍රයදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සහ බඞ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න යන අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලට එරෙහිවයි.

කථානායකවරයාට මෙම විශ්වාසභංග යෝජනාවන් භාරදීමේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන සිඩ්නි ජයරත්න, ආශු මාරසිංහ හා මුජිබර් රහුමාන් සහභාගිවී තිබුනා.

මෙම විශ්වාසභංග යෝජනාවන් සඳහා එක්සත් පක්ෂයේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු අත්සන් තබා තිබුනා.

The post අගමැති රනිල් තවදුරටත් මහත්මා ගතිය පෙන්වයි – විශ්වාසභංගෙ ඉවත් කර ගන්නැයි එජාප මන්ත්‍රීන්ට කියයි..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();