Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමල් කරුණාසේකර රිමාන්ඩ් - UPDATE

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, ආරක්ෂක විද්‍යාපීඨයේ සේනාවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

යුධ හමුදා රෝහලට ඇතුළත්ව සිටියදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අමල් කරුණාසේකර ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන තිබුණි.

2008 වසරේ මැයි මස 22 වනදා දෙහිවල ප්‍රදේශයේදී මාධවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව ඊට ආධාර අනුබලදීමේ චෝදනා මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනිම සිදු කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();