Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“ගම්පෙරළිය” පළාත් පාලන අඥා පනත උල්ලංඝනය කරන බවට චෝදනාවක්.

CB_Rathnayake

පළාත් පාලන ආයතනවල ප්‍රධානින්ගේ අවසරයකින් තොරව රජය එම පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල තුළ ගම්පෙරලිය නමින් සංවර්ධන කටයුතු සිදු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සි.බි රත්නායක චෝදනා කර සිටී. මන්ත්‍රිවරයා එම චෝදනාව කර සිටියේ හැටන් නගරයේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමිනි.

මෙම මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක්වූ සි.බී. රත්නායක මන්ත්‍රිවරයා කියා සිටියේ ගමේ සංවර්ධන කටයුතු සිදු කරනවට තමන්ගේ කිසිදු අකමැත්තක් නොදක් වන බවත්, එම සංවර්ධන කටයුත්ත පළාත් පාලන අඥා පනත උල්ලංඝනය කරමින් සිදු කිරිම සදාචාර සම්පන්න නොවන බවත්ය. එමෙන්ම පළාත් පාලන අඥා පනත හොදින් කියවා එහි ඇති අණ පනත් පිළිබද හොදින් අධ්‍යනය කර දේශපාලන මත භේදයකින් තොරව මෙවැනි කටයුතු වලට එරෙහිව නැගි සිටින ලෙස  මන්ත්‍රිවරයා පළාත් පාලන ආයතන ප්‍රධානින්ගෙන් ඉල්ලා සිටියේය.

මෙරට තුළ වස විසෙන් තොර සෞඛ්‍ය සම්පන්න ආහාර පාන හා පලතුරු රටේ ජනතාවට ලබා දිම පිළිබදව සොයා බැලිමට තිබෙන රාජ්‍ය ආයතන අක්‍රියව තිබෙන අවස්ථාවක පළාත් පාලන  ආයතන ප්‍රධානින් ඒ පිළිබදව සිය වගකිම ගෙන වස විස වලින් තොරව ආහාර පාන හා පලතුරු රටේ ජනතාවට ලබාදිමට කටයතු කරන ලෙසට මෙම මාධ්‍යය හමුව මඟින් සි.බි රත්නායක මන්ත්‍රිරයා සියළුම පළාත් පාලන ආයතන ප්‍රධානින්ගෙන් ඉල්ලා සිටියේය.

The post “ගම්පෙරළිය” පළාත් පාලන අඥා පනත උල්ලංඝනය කරන බවට චෝදනාවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();