Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමති ෆයිසර් අයි.සී.සී ය හමුවට යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුකමිටු පරිපාලනය පිළිබඳව හා ක්‍රිකට් ආයතනයට ඡන්දයෙන් නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් දැනුවත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ප්‍රමුඛ පිරිසක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
 
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා වන කමල් පද්මසිරි, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා ඇතුළු පිරිසක් මෙසේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිළධාරින් හමුවීමට නියමිත බවද එහි සඳහන් වේ.
 
හෙට (29) පැවැත්වෙන මෙම හමුවේදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස අයි.සී.සී. සභාපති ශාසන්ක් මනෝහර් හා එහි ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();