Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෙන හීන වලට ඉඩ නෑ. පොහොට්ටුවෙන් පමණයි . බැසිල් කෙළින්ම කියයි.

Basil_Rajapaksha_Talking

මීලග ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් නොවන්නෙක් ජනාධිපති කරවීම සදහා පක්‍ෂ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැතැයි පොදු ජන පෙරමුණේ ප්‍රධාන මෙහෙයුම්කරුවන  බැසිල් රාජපක්ෂ මහතා කියා සිටී .

ඔහු මේ බව කියා සිටියේ පොදුජන පෙරමුණ කාර්යාලයේදී පළාත් පාලන නියෝජිතයන් සමගින් අදහස් පල කරමිනි.

ගමේ සාමාජිකයා අකමැති පුද්ගලයෙක් ජනාධිපති කරවන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයක් මෙහෙයවීමට සූදානම් නැති බවත් එවන් අපේක්‍ෂකයෙක් වෙනුවෙන් මැතිවරණයක්  මෙහෙයවන්නැයි කිසිදා බලපෑම් නොකරන බවත් රාජපක්‍ෂ මහතා පැවසීය.

ස්ථිර ලෙසම මීලග ජනාධිපතිවරයා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් බිහිවන බවත් කී ඔහු ඔහු ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් බවද කීය. එමෙන්ම ජනාධිපතිවරණයේදී මැතිවරණ සලකුණ පොහොට්ටුව යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

The post වෙන හීන වලට ඉඩ නෑ. පොහොට්ටුවෙන් පමණයි . බැසිල් කෙළින්ම කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();