අභිමානවත් ශ්‍රී ලංකේය තරුණ පරපුරක් බිහි කිරීම ජාතික තරුණ සේවා සභාවේ දැක්ම බවත් එකී දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ දැවැන්තම ව්‍යාපෘතිය වන්නේ "තරුණ ශ්‍රම ශක්ති ව්‍යාපෘතිය"(Youth with Talent) බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් පරිදි ජාතික තරුණ සේවා සභාව එය ක්‍රියාත්මක කරන බව එහි සභාපති නිතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ පැවසිය.
ජාතික තරුණ සේවා සභාව හා අයි.ටී.එන් මාධ්‍ය ජාලය එක්ව දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘති ඇගයීම සහ තිළිණ ප්‍රදානෝත්සවය ලබන 9 වැනි දා පෙරවරු 10.00 ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පසුගිය වසරේ මෙවැනි තරුණ සංවර්ධන ව්‍යාපෘති 3000 ක් දිවයින පුරාම ක්‍රියාත්මක විණි.ජාතික තරුණ සේවා සභාව මඟින් එක් ව්‍යාපෘතියක් සඳහා ලබා දී ඇත්තේ රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලකි.එකී මුදලට තුන් ගුණයක වටිනාකමකින් යුතු ව්‍යාපෘතියක් ගමට,නගරයට දායාද කරන්නට තාරුණ්‍යය සමත් වූහ .බොහෝ කාලයක් විසදුමක් ලබා දීමට නොහැකි වූ ගමේ ගැටලුවට මින් විසදුමක් ලැබී ඇත.බෙදී වෙන් වී තිබූ ගම්මානය නැවත එක්වී ඇත.තාරුණ්‍යයේ ජව සම්පන්න බව,නිර්මාණශීලිත්වය ,අධිෂ්ඨානය,කැපවීම සියල්ලක්ම මේ ව්‍යාපෘති තුළ සැග වී ඇත. ඇතැම් ව්‍යාපෘති තුළ නායකත්වය ගෙන ඇත්තේ යෞවනියන්වීම ද විශේෂත්වයකි.ආත්ම අභිමානයෙන් හාආත්ම විශ්වාසයෙන් යුතු නායකත්වයක් තරුණ නායක,නායිකාවන්ට උරුම කරන්නට තරුණ ශ්‍රම ශක්ති ව්‍යාපෘතිය පසුගිය දෙවසරක කාලය තුළ සමත් වූයේ මෙය අප රටේ තරුණ පරපුරේ නිහඩ සමාජ විප්ලවයක් බවට පත් කරමිනි.
යෞවන සමාජ ව්‍යාපාරය තුළ දිවයින පුරාම යෞවන,යෞවනියන් ඒකරාශී වෙමින් සිදුකරන ලද සමාජ සත්කාර්යය තුළ ගම්මානයේ මාර්ග,වැව්,අමුණු ,මන්මාවත් පිළිසකර කිරීම්,වෙහෙර විහාරස්ථාන ඇතුළු පොදු ස්ථාන ඉදිකිරීම් ආදී බොහෝ සංවර්ධන ව්‍යාපෘති නිම කොට ඇත.
මෙහී ක්‍රියාත්මක වූ සෑම ව්‍යාපෘතියකම ගමේ වැඩිහිටියන්ගේ ප්‍රජා දායක්තවය ඉතා ඉහළින්ම ලැබී ඇති බව ව්‍යාපෘති අධ්‍යනය කිරීමේ දී විද්‍යමානවේ.මෙහි ක්‍රියාත්මක වී ඇති ඇතැම් ව්‍යාපෘතිවල වටිනාකම මිලියන 2 හා 3 ඉක්මවා ඇත.අප රටේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති තුළ එහි වැඩ නිමවන විට කොන්ත්‍රාක්කරුවන් හා දේශපාලඥයන් වෙත මුදල් හා කොමිස් මුදල් ගලා ආවේය.එය අපේ රටට පොදු දෙයක්ම නොවේ.මේ අපේ රට් තරුණ පරපුරක් ඉතිරි කර ඇත්තේ ජනතා මුදල් ය.එසේම දිස්ත්‍රික් මට්ටමින් ,ජාතික මට්ටමින් මෙම ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී තරඟකාරී මට්ටමින් එය ඇගයීමට ලක් කරමින් එයට සැබෑ වටිනාකමක් ලබා
දෙන්නට ව්‍යාපෘති කළමනාකරණ,තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය,ජාතික තරුණ සේවා සභාව,අයි.ටී.එන් මාධ්‍ය ජාලය ,ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සූදානම්ය.
ලබන 9 වැනි දා අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති කළමනාකරණ ,තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අැමැති සාගල රත්නායක,රාජ්‍ය අැමැති පියසේන ගමගේ,රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා ,ජාතික තරුණ සේවා සභාවේ සභාපති /අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරන්ද වැලිඅංගේ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම තිළිණ හා සහතික ප්‍රදානෝත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
වැලිගම සමූහ

0 Comments