ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධිකරණ සංවිධාන පනතට අදාළ සංශෝධන කටයුතු සිදු කිරීමෙන් පසුව අදාළ පනත් කෙටුම්පත විවාදයට ගන්නා බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි (05) ප්‍රකාශ කළේය.
අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය (05) දිනයේදි විවාදයට ගැනීමට නියමිතව තිබුණ ද, මීට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට අනුව සංශෝධන සිදු කළ යුතු බැවින් ඒ සඳහා කාලය අවශ්‍ය බව ද ඇමැතිවරයා පැවැසුවේය.
ඒ අනුව ඉදිරියේදි අදාළ සංශෝධන සිදු කරන බවත් ඉන්පසුව විවාදයට ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ (05) දිනට නියමිත කටයුතු පාර්ලිමේන්තුවට දැනුම් දෙමිනි.
විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණ පිහිටුවීම සඳහා වන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතෙහි වගන්ති දෙකක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (03) නිවේදනය කළේය.
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවන් නම් කිරිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154( ආ) වගන්තිය පරිදි සිදු කරන්නේ නම් එසේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කිරීම අවශ්‍ය නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
පනත් කෙටුම්පතේ 12 අ (1) වගන්තිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 ග (3) (ආ)යන ව්‍යවස්ථාවට අනනුකූල වන බවද, අදාල පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත දන්වා එවමින් සඳහන් කර ඇති බවත් කතානායකවරයා පැවසීය.
කෙසේ වුවද 1996 අංක 10 සහ 2006 අංක 54 යන පනත්වල පරිදි 154 ග (3) ( ඇ) ව්‍යවස්ථාව යටතේ අධිකරණ බලය පළාත් මහාධිකරණය වෙත පැවරී ඇත්තේ නම් මෙම සංශෝධිත වගන්තියෙන් ඇති වන අනනුකූලතාවය ඉවත්ව යනු ඇතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් ය.
12 අ (2)වගන්තිය සංශෝධනය මඟින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ සඳහා විනිසුරුවන් නම් කිරීම අවශ්‍යය. මෙය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 ග (2) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 12 අ (2) වගන්තිය බලාත්මක කිරිමට නම් තුනෙන් දෙකක බහුතර ඡන්දයක් අවශ්‍යවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතුව ඇතැයිද එම තිරණයේ සදහන්වෙයි.
කෙසේ වෙතත් මෙකි පනත් කෙටුම්පතේ 12 අ (2) ඉවත්කොට, 154 ග (2) ව්‍යවස්ථාව පවත්නා පරිදි තැබීමෙන් මෙම අනනුකූලතාවය පහවනු ඇතැයිද එම තිරණයෙන් දැනුම් දී ඇත.
අධිකරණ සංවිධාන පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිබල හා පුනර්ජනනීය රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා මෙසේද පැවැසුවේය.

0 Comments