Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රියදුරු පුහුණුවට කාන්තාවන් යවන්නෙ බලාගෙනයි රියැදුරු පුහුණුවට එන කතුන්ට පුහුණුකරුවන් අතවර

මධ්‍යම පළාතේ පවතින පෞද්ගලික රියැදුරු පාසල්වලින් රියැදුරු පුහුණුව ලබා ගැනීමට පැමිණෙන කාන්තාවන්ට සහ තරුණියන්ට රියැදුරු පුහුණුව ලබාදීමේදී නොයෙක් හිංසා පීඩා සහ අතවර සිදුවන බව මධ්‍යම පළාත් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතා පළාත් සභාවේදී පැවැසීය.

යතුරුපැදි සහ මෝටර් රථ පුහුණුව ලබාගැනීමට පැමිණෙන කාන්තාවන් සහ තරුණියන් හිංසනයට ලක්වන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මෙම අතවර සහ හිංසනයන් පිළිබඳව එම කාන්තාවන් සහ තරුණියන් හෙළි නොකරන්නේ තමා රියැදුරු පුහුණුවෙන් අසමත් කරයි යන බිය නිසා බවද ඇමැතිවරයා පැවැසීය. මෙම රියැදුරු පාසල්වලින් පුහුණුව ලබාදෙන නමුත් ඒ පිළිබඳව කිසිවෙකුගේ අධීක්ෂණයක් සිදු නොවන බවද ඇමැතිවරයා කීය.

ඇතැම් පුහුණුකරුවන් කාන්තාවන් සහ තරුණියන්ගේ දුරකථන අංක ඉල්ලා අනවශ්‍ය කරදර කරන බවටද තමාට පැමිණිලි ලැබි ඇතැයි ඇමැතිවරයා පැවැසීය.

රාත්‍රී කාලයේ අනවශ්‍ය දුරකථන ඇමැතුම් ලබාදීමද මහත් හිරිහැරයක් බව ඔවුන් පවසන බවත් ඒ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කරන ලෙසද අමාත්‍යවරයා සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් දියත් කළ යුතු බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.



from Gossip Lanka News & Video https://ift.tt/2IAwDyZ
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();