Ticker

6/recent/ticker-posts

Header Ads Widget

SLFP ඇමතිලාට එරෙහිව විශ්වාසභංග එපා - අගමැති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු පිරිසකට එරෙහිව බාර දුන් විශ්වාසභංග යෝජනාව ඉවත් කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින්, මේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු, අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන සදහන් කර ඇත.

මෙම විශ්වාසභංග යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ මතයක් බවත් පක්ෂය විසින් එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව අගමැතිවරයා පැවසු බව ද එහි සඳහන්.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් මෙම ‍වි‍ශ්වාසභංග යෝජනාව වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස අදාළ මන්ත්‍රීන්ට දැනුම් දී ඇති බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙවැනි තීරණයක් ගත යුත්තේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම වන බව ද ‍අගමැතිවරයා පැවසු බව එම නිවේදනයේ දැක්වෙයි.

තවද මේ සම්බන්ධයෙන් වැඩිදුර තීරණයක් ඉදිරියේ දී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ගන්නා බව ද සුදර්ශන ගුණවර්ධන විසින් නිකුත් කරන ලද නි‍වේදනයේ සඳහන්.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();