Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සියල්ල පසුකරමින් “කූඹියෝ” පළමු තැනට..!

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙච්ච කූඹියෝ ටෙලි නාට්‍යය මාර්තු 17 වනදා නිමා වුණා. අපට තේරෙන භාෂාවෙන් කිව්වොත් “ගේම් කාරයකු” වටා ගෙතෙන මෙම කතාව විශේෂයෙන් තරුණ ප්‍රජාව අතරේ විශාල උනන්දුවක් ඇති කරලා තිබෙනවා.

මේ පිළිබඳ හොඳම සාධකයක් තමයි මේ වෙද්දි රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලි නාට්‍යය සඳහා වන මත විමසුමේ ඉදිරියෙන් ම සිටීමට කූඹියෝ සමත්ව තිබීම​. එමෙන්ම එහි ප්‍රධාන චරිතය රඟපාන තුමිඳු දොඩන්තැන්න ජනප්‍රියම නළුවා සම්මානය සඳහා සිටින නළුවන් අතර දෙවැනි තැනටත් කලණ ගුණසේකර එම ලයිස්තුවේ ම පස්වෙනි තැනටත් පත්ව තිබෙනවා.

මේ වෙද්දි ජනප්‍රියම නිළිය සඳහා වන මත විමසුමේදි යුරේනි නොෂිකා සිව් වන තැනට පැමිණ තිබීමත් විශේෂයි.

මෙසේ විශාල උද්‍යෝගයක් ඇති කළ කූඹියෝ කියන්නෙ කුතුහලය​, ත්‍රාසය දනවන​, අමුතු අමුතු විදියට ගලාගෙන යන කතාවක්. එහි අධ්‍යක්ෂකවරයා වන්නේ ලක්මාල් ධර්මරත්නයි.

මේ සතිය අවසන් වෙද්දි රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නාට්‍යය​, නළුවා සහ නිළිය සඳහා මත විමසීම නිම වනවා. ඒ වෙද්දිත් කූඹියෝ නාට්‍යය ඉහළින් තිබුණොත් එය අලුත් ආකාරයේ නාට්‍ය කලාවක් සඳහා තරුණ ප්‍රජාවගේ ඉල්ලීම ගැන පැහැදිලි සාක්කියක් වේවි.

The post සියල්ල පසුකරමින් “කූඹියෝ” පළමු තැනට..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();