රටේ ණය බර හා රාජ්‍ය ආදායම් කළමනාකරණය පිළිබඳ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ ඉදිරි කාලය තුළ නිසි පරිදි ගෙවීම් කළමනාකරණය කර ගත හොත් 2020 සිට රටේ ණය බර අඩු කර ගනිමින් සංවර්ධන ක්‍රියාදාමය වේගවත් කර ගත හැකි වනු ඇති බවයි.
2018 වසරේදී ගෙවීමට සිදුවන ණය මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 2845 ක් වේ. මෙහි ඇති විශේෂය නම් ඉන් ඇමෙරිකන් ඩොලර් මිලියන 1789 ක්ම 2015 වසරට පෙර ලබා ගත් ණය වාරිකයන් වීමයි. මෙම ණය කන්ද පිළිබඳ මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛනවලට අනුව 2015 පසු ලබා ගත් විදෙස් ණය සඳහා ගෙවීමට ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1056 ක් පමණි.
රට ණය උගුලක පැටලී ඇතැයි දේශපාලඥයන් මෙන්ම ආර්ථීක විශේෂඥයෝද කියති. පසුගිය කාලයේ වරින්වර බලයට පත් වු විවිධ රජයන් සීමාවකින් තොරව විදේශයන්ගෙන් හා ලෝක බැංකුව වැනි අන්තර්ජාතික ආයතනයන්ගෙන් ණය ලබා ගැනීම දිගින් දිගටම සිදු කළ අතර එහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ දරාගැනීමට අපහසු ණය කන්දකට රට යට වී තිබීමය.
පසුගිය පාලන සමයන්හිදී අප රට කොතරම් ණය වී ඇත්දැයි කිව හොත් රටේ ණය ප්‍රමාණය කොපමදැයි නිශ්චිතව ගණන් බැලීමට නොහැකි වී ඇති බව පැවසුවේ වෙන කවුරුත් නොවේ. වත්මන් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාය. පසුගිය පෙබරවාරියේදී විගණකාධිපති වාර්ෂික වාර්තාව එළි දක්වමින් ඔහු කියා සිටියේ කවුරුන් හෝ රටේ ණය ප්‍රමාණය කීය ද කියා විමසුවහොත් තමාට දිය හැකි උත්තරය වන්නේ “කරුණාකරලා වයිමාගෙන් අහන ලෙසයි. රාජ්‍ය අංශයේ ණය කළමනාකරණය පසුගිය දශකය තුළ අවුලෙන් අවුලට පත් කර ඇති බව කී ඔහු රාජ්‍ය අංශය මෙහෙය වු දේශපාලඥයින් ඊට වගකිව යුතු යැයි නොකියා කීවේය.
මෙරට ණය අර්බුදය ක්‍රමක්‍රමයෙන් උත්සන්න වී එහි උච්ඡතම තැනට පත් වු වසර 2018 ලෙස හැඳින්වීම නිවැරදි වේ. ඊට ප්‍රධාන හේතුව නිදහසෙන් පසු වැඩිම විදේශ ණය සඳහා ගෙවීම් සිදු කිරීමට ඇත්තේ මේ වසරේදී වන හෙයිනි. මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග අනුව 2018 වසරේදී ගෙවීමට සිදුවන ණය මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 2845 ක් වේ. මෙහි ඇති විශේෂය නම් ඉන් ඇමෙරිකන් ඩොලර් මිලියන 1789 ක්ම 2015 වසරට පෙර ලබා ගත් ණය වාරිකයන් වීමයි. මෙම ණය කන්ද පිළිබඳ මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛනවලට අනුව 2015 පසු ලබා ගත් විදෙස් ණය සඳහා ගෙවීමට ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1056 ක් පමණි. මේ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර තිබුණේ. මේ වසරේ පියවීමට ඇති ණය වාරිකවලින් සියයට 63% ක්ම ගෙවීමට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කළ කාලයේ ලබා ගත් ණය සඳහා බවයි. පසුගිය 2017 වසරේදී ද පියවීමට තිබුණු ණය වාරිකවලින් 75% ක් ගෙවා තිබුණේද එම යුගයේදී ගත් ණයවලට වීම තවත් විශේෂත්වයකි.
රජයේ අභ්‍යන්තර තොරතුරුවලට අනුව හා ආර්ථික විශේෂඥයින්ගේ මත අනුව එළැඹෙන 2019 වසරේදී මෙම තත්ත්වය මීටත් වඩා බරපතළ වේ. ඒ අනුව ඉතිහාසයේ වැඩිම ණය වාරිකය වන ඇමෙරිකන් ඩොලර් බිලියන 4.2 මුදලක් ගෙවා දැමීමට සිදුව ඇත්තේ 2019 වසරේදීය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසන අන්දමට ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3315 ක් හෙවත් සියයට 77 ක් ම ගෙවා දැමීමට සිදුව තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සමයෙදී ලබාගත් ණය වෙනුවෙන් වේ.
2015 නව රජය බලයට පත් වීමට පෙර පැවැති පාලන සමයේදි ලබාගත් විදෙස් ණය ප්‍රමාණය කෙතරම් විශාලද කිවහොත් 2030 වසරේදී ගෙවිය යුතු ණය වාරිකවලින් සියයට 72% ක්ම ගෙවීමට සිදුව ඇත්තෙත් රාජපක්ෂ යුගයේදී ලබා ගත් ණය වලට බව මුදල් අමාත්‍යංශය අවධාරණය කරයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මෙවැනි විශාල ණය මුදලක් ලබාගෙන ඇත්තේ එවකට රජය ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති සඳහා පමණක්ම නොව මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සිල් රෙදි වැනි භාණ්ඩ ජනතාව අතර බෙදා හැරීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට බවයි.
මෙම රජය බලයට පත් වු පසු පසුගිය වසර 03 ඇතුළත ඇමෙරිකන් ඩොලර් බිලියන 12 ක් විදේශවලින් ණය ලබා ගෙන ඇති අතර ඉන් බිලියන 06 ක්ම ව්‍යාපෘති සඳහා ණය දෙන සංවිධාන හා ද්වීපාර්ශ්වීය පදනම මත සහනදායි පොලී මත ලබාගත් ව්‍යාපෘති ණය වේ. මෙ ණය 2015 පසු ලබාගෙන ඇති සමස්ත ණයවලින් සියයට 48 පමණක්ම භාවිතා කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අවධියේදී ලබා ගත්ණය ආපසු පියවීම සඳහාය.
මේ අතර රටේ ණය බර හා රාජ්‍ය ආදායම් කළමනාකරණය පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ ඉදිරි කාලය තුළ නිසි පරිදි ගෙවීම් කළමනාකරණය කර ගත හොත් 2020 සිට රටේ ණය බර අඩුකර ගනිමින් සංවර්ධන ක්‍රියාදාමය වේගවත් කර ගත හැකි වනු ඇති බවයි.
මෙරට ණය අර්බුදය පසුගිය කාලයේදී කෙතරම් ඔඩු දිව්වාද කිවහොත් ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් ණය ලබා දෙන අන්තර්ජාතික මුල්‍ය අරමුදල සඳහන් කර තිබුණේ ඉදිරියේදී මෙරට ඇතිවිය හැකි විවිධ බාහිර ආර්ථික ප්‍රවණතා මත කල්පිරෙන විදේශ ණය ආපසු නිකුත් කිරීමට ශ්‍රී ලංකාවට ඉතා අසීරු වනු ඇති බවයි. එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා ප්‍රකාශ කර තිබුණේ විදේශ ණය පියවීම සඳහා පැහැදිලි සැලැස්මක් ශ්‍රී ලංකාව රජය සතුව ඇති බවයි. ණය සීමාවන්හි උපරිම තලයට අප රට පැමිණ තිබුණත් රජයේ ආර්ථික කළමනාකරණ හැකියාව මත මේ දක්වා කිසිදු විටක ගෙවිය යුතු ණය වාරික පැහැර හැර නැති බවත් ඉදිරියේදීත් එවැනි ණය පැහැර හැරීමේ අවධානමක් නැති බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර තිබුණි.
කෙතරම් ණය අර්බුදයක් රටේ පැවතියත් රජයේ ආර්ථික කළමනාකරණ හැකියාව මත එවැනි අර්බුදයක් ජනතාවට නිරාවරණය වී නැතැයි ආර්ථික විශේෂඥයෝ පවසති. ඒ අනුව පසුගිය වසර 03 කාලය තුළ ජනතාවගේ මුලිකම අවශ්‍යතා ලෙස පිළිගැනෙන නිවාස, සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි විෂයන් සඳහා වැය කරන මුදල් ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් ඉහළ නැංවීමට රජය සමත් වී තිබේ. උදාහරණයක් ලෙස රටේ ජනතාවගේ සුභ සාධනය සඳහා වන සමස්ත වියදම 2014 වසරේදී පැවතුණේ රුපියල් බිලියන 165 ලෙසය. එහෙත් 2017 වසරේදී එම වියදම රුපියල් බිලියන 265 දක්වා වැඩිකර තිබේ. එය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 1.6 සිට සියයට 2.00 දක්වා වැඩි වීමකි.
මේ අතර වත්මන් රජය අත්විඳින ප්‍රමුඛ අභියෝගය ලෙස සැලකෙන ණය බර පිළිබඳ අදහස් දැක්වීමක නිරත වු අමාත්‍ය චම්පික රණවක මහතා ප්‍රකාශ කර තිබුණේ පැවැති පාලන සමය තුළ රාජ්‍ය ආදායමෙන් සියයට 90 ක්ම වැය කර තිබුණේ ණය වාරික හා පොලි ගෙවීමට බවයි. රජයේ ආදායම් හා වියදම් පිළිබඳව අප රට සිටින්නේ ලෝකයේ අන්තිම පන්තියේ බවද රාජ්‍ය ණයගැතිභාවය පිළිබඳ අවධානය යොමු කළ විට රටවල් 193 අතරින් අප සිටින්නේ 157 වැනි ස්ථානයේ බවද අමාත්‍යවරයා සඳහන් කර තිබුණි. රාජ්‍ය ආයතන හැරුණු කොට අපගේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 79.3 ක්ම අපේ ණය බර බවද විග්‍රහ කර තිබුණු චම්පික රණවක අමාත්‍යවරයා අනිකුත් රාජ්‍ය ආයතන සමඟ ගත්විට මෙය 90% වඩා වැඩි විය හැකි බව අන්තර්ජාතික මුල්‍ය අරමුදල විසින් සඳහන් කර ඇති බවද ප්‍රකාශ කර තිබුණි.
මෙලෙස රටේ ණය බර සංවර්ධනයට හරස් කපා ඇති මොහොතක රටේ අනාගත ආයෝජන විශේෂයෙන්ම රාජ්‍ය ආයෝජන බුද්ධිමත් ලෙස හැසිරවීම සිදු නොකළහොත් රට තවතවත් ණය අර්බුදයක ගිලෙනු නොඅනුමානය.
ජනතාව පිනවීම පිණිසම සිදු කෙරෙන සුදු අලි සංවර්ධනයන් වෙනුවට ජනතාවගේ අවශ්‍යතා පදනම් කරගත් සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීමට රටක් ලෙස දැන්වත් අප වගබලා ගත යුත්තේ දිනෙන් දින ඉහළ යන ණය කන්දරාව වත්මනේ ජීවත් වන අප මත පමණක් නොව හෙට දින ලොව එළිය දකින අනාගත පරපුරේත් කර මත දැනටමත් පැටවී ඇති හෙයිනි.

0 Comments