තලේමන්නාරම, උරුමලෙයි ප්‍රදේශයේදී හෂිශ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 33 යි ග්‍රෑම් 925 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී හෂිශ් කිලෝග්‍රෑම් 33 යි ග්‍රෑම් 925 ක් සොයාගත් බවයි.
මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස 34 හැවිරිදි තලේමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

0 Comments