පාසල් අධ්‍යාපනය සඳහා අපරාධ නීතියට ඇතුළු නීතිය සම්බන්ධ විෂයයන් ඇතුළත් කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. අපරාධ නීති පද්ධතිය ප්‍රතිසංවිධානය කිරීමට සමගාමීව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර මෙහිදී ළමයින් සම්බන්ධව පනවන නීතිරීති පිළිබඳව වෙනමම ආකාරයේ නීති සංශෝධනයක් කිරීමටද එම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10දා) එම අමාත්‍යාංශයේ පැවැති උපදේශක කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ. 1979 හා 1978 වර්ෂයන්හිදී පනවන ලද අපරාධ ක්‍රියා පටිපාටිය පනත හේතුවෙන් අපරාධ යුක්තිය ඉටු කිරීමට යෑමේදී ඇතිවන අභියෝගයන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3aboMs8
tribune

0 Comments