Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සියඹලාණ්ඩුවේ රිළවුන්ට ලාදුරු – සිරුරේ කෑලි කැලේ හැම තැනම!

ලංකාවේ ප්‍රථම වතාවට ලාදුරු රෝගය වැලඳුණු වනගත රිළවකු සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේදී පසුගිය 08 වෙනිදා සොයාගත් බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් බිම වැටී සිටි රිළවකු ගම්වැසියකු විසින් ඇතිමලේ වනජීවි නිලධාරීන්ට භාරදී ඇති අතර තිබූ රෝග ලක්ෂණ මත වනජීවි නිලධාරීන් මොණරාගල ලාදුරු මර්දන ඒකකයට මේ බව දැනුම් දී ඇත.

පසුව රිළවා මියගොස් ඇති අතර කරන ලද එස්.එස්.එස්. (Slit Skin Smear) නමැති පරීක්ෂණයේදී මෙය ලාදුරු බවට තහවුරු වූ බව එම නිලධාරීන් සඳහන් කළේය.

සතාගේ සිරුරේ කොටස් ලාදුරු වැලඳුණු රෝගියකුගේ මෙන් කෑලිවලට ගැලවී යන බවත් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සිරුරේ කොටස් කොළඹ ලාදුරු මර්දන ඒකකය වෙත යැවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ සඳහා මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ලාදුරු මර්දන ඒකකය, සියඹලාණ්ඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා වනජීවි නිලධාරීන් සහභාගි වී ඇත.

එම ප්‍රදේශයේ අනෙකුත් රිළවුන්ද මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද ඔවුහු සඳහන් කර සිටියි.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3rHvaxh
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();