Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩෙංගු මදුරුවන්ට එරෙහිව වෙනත් මදුරුවන් පිරිසක් සටනට යොදවයි!

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස 4ක පමණ කාලයක් තාවකාලිකව නවතා තිබූ ලෝක මදුරු වැඩසටහනේ ක්ෂේත්‍ර කටයුතු මෙම මස සිට නැවත ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

එම වැඩසටහන හරහා වොල්බැකියා නම් බැක්ටීරියාව අන්තර්ගත ඊඩිස් ඊජිප්ටයි (aedes aegypti) මදුරුවන් මුදාහැරීම තුළින් ඩෙංගු, චිකන්ගුන්යා, සිකා සහ කහ උණ ව්‍යාප්ත කරන වෛරස්වල සම්ප්‍රේෂණ හැකියාව අවම කිරීම සිදු කරයි.

පොදු ස්ථාන ඉලක්ක කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙය ප්‍රථමයෙන් ම කොළඹ මහ නගර සභා දිස්ත්‍රික් අංක 1(CMC-D1) සහ නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ඉලක්ක කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිත අතර පසුව එම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

එම වැඩසටහන ඩෙංගු රෝගය පිටුදැකීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය සහ ලෝක මදුරු වැඩසටහන එක්ව ක්‍රියාවට නංවන්නකි.

මෙහිදී ‘මදුරු බඳුන’ (Mozzie box) නම් බහාලුමක් ආධාරයෙන් වොල්බැකියා බැක්ටීරියාව අඩංගු මදුරුවන් මුදා හරිනු ලැබේ.

එම බඳුන ජලයෙන් පිරී පවතින අතර මදුරු බිත්තර සහ ආහාර සහිත කැප්සියුලයකින් එය සමන්විත වේ.

මදුරුවන් බෝ කිරීම සඳහා වීදි, උද්‍යාන සහ සෙවණ සහිත ප්‍රදේශවල එම බඳුන එල්ලා තැබීම සිදු කරයි.

අදාළ මදුරු බඳුන ජනතාවට නොමිලේ ලබා දීමට නියමිත අතර සති 2ක පමණ කාලයකදී මේරූ බිත්තර තුළින් මදුරුවන් පිටතට පැමිණෙන අතර එලෙස මුදාහැරෙන මදුරුවන් එම ප්‍රදේශවල සිටින මදුරුවන් සමග එක්වීම හරහා වොල්බැකියා බැක්ටීරියා අඩංගු නව මදුරු පරම්පරාවක් බිහි කරනු ලැබේ.

එම මදුරුවන් ආරක්‍ෂිත වන අතර එමගින් ජනතාව ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3aUL5Sb
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();