රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මාර්තු 16 දක්වා කිසිදු පියවරක් නොගන්නැයි, අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යළි නියෝග කර ඇත.
රන්ජන් රාමනායක මහතා විසින් ගොනු කර තිබු රීට් ආඥා පෙත්සම අද (11) දින අභියාචානාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මයාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අතර එදිනට යළි පෙත්සම සලකා බැලීමට ද අභියාචනාධිකරණය නියෝග කළේ ය.
කතානායකවරයා ඊයේ සභාවට දැනුම්දුන්නේ, අධිකරණ තීන්දුව ලැබෙන තෙක් රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවට නොකැඳවන බවටයි.


0 Comments