ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තුවේ ඉදිරිපත්වන යෝජනාසම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ 2021.02.10 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යෝජනා ඇතුළත් වාර්තාව හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා උපදෙස් ලබා ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණි.
කොවිඩ්-19 වසංගත තත්ත්වය සාර්ථකව මර්දනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව ලොව ඉදිරියෙන්ම සිටිය දී, අප රට අපකීර්තියට පත් කිරීමේ අරමුණින් වැරදි මතවාද ඇතුළත් කොට ඉතා ප්‍රෝඩාකාරීව මෙම මානව හිමිකම් යෝජනාවලිය නිර්මාණය කර ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
රටේ ජයග්‍රහණයට මෙන්ම ස්වෛරීත්වයට හානි වන ආකාරයේ කරුණු 16ක් ඇතුළත් කරමින් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මෙම යෝජනා වාර්තාව ඉදිරිපත් කර ඇතිබව මෙහිදී හෙළි විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කර සිටියේ මෙවැනි තීරණාත්මක අවස්ථාවක ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා ලබා ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුලු පිරිසට ස්තූතිවන්ත වන බවයි.
මෙවැනි අවස්ථාවක ජිනීවා මානව හිමිකම් කොමිසමට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කිරීම නුසුදුසු බවත්, ඒ වෙනුවට අපගේ නිවැරදි භාවය සඳහන් කරමින් විත්ති වාචකයක් පමණක් ඉදිරිපත් කළ යුතු බව උන්වහන්සේ පැවසූහ.
මෙම අවස්ථාව සඳහා පූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමි, පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමි, පූජ්‍යමුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, පූජ්‍ය මහාචාර්ය ඉත්තෑ දෙමළියේ ඉන්දසාර නාහිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි, පූජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමි, පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී අනුනාහිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනාහිමි, පූජ්‍ය අක්මීමන දයාරතන හිමි, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, පූජ්‍ය වටිනාපහ
සෝමානන්ද හිමි, පූජ්‍ය අග්‍රහැරේ කස්සප හිමි, පූජ්‍ය එගොඩ උයනේ ඤාණවිමල හිමි, පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති හිමි, පූජ්‍ය තංගල්ලේ ගෝතම හිමි, පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ඇතුලු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.
අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන ජී.එල්. පීරිස්, , උදය ගම්මන්පිල, විමල් වීරවංශ මහත්වරු හා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


0 Comments