Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපතිවරයාට අපහාස වන ලිපි තැපැල් හුවමාරුවට භාර දුන් තිදෙනා නැවත පොලිස් භාරයට

ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් වෙබ් අඩවියක පළ වූ බව කියන ලිපියක් මහනුවර විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේලා වෙත යොමු කිරීමට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට භාර දීමේදී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන් තිදෙනා ඊයෙ 28 මහේස්ත්‍රාත්වරයා ගේ නිරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඉදිරිපත් කළේය.

සැකකරුවන් තිදෙනා වන සම්පත් කුමාර. ධනුෂ් පියදර්ශන.තක්ෂිල වීරසේන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවත විමර්ශන සිදු කිරීම සඳහා ඔවුන් අවශ්‍ය බවට දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරයා විසින් ඔවුන් පොලිස් භාරයට යොමු කළේය.

ජනාධිපති සිරිසේන, ආණ්ඩුකාර වරුන් තිදෙනෙක් ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවටත් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ජනාධිපති වරයාවිසින් 20දිනට පෙර දැන සිට ඇති බවටත් එම ලිපි වල ඇතුළත් බවත් ඒවා මහජන ආරක්ෂාවට මෙන්ම රාජ්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව ඇද්දැයි විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

රටේ උද්ගනව තිබූ තත්ත්වය හමුවේ මෙම ලිපි බෙදා හරිමින් සිටියදී ඇති වූ සැකසහිත බව මත සැකකරුවන් තිදෙනා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ආරක්ෂක ලේකම් වරයාගෙන් ලබා ගත් රැදවුම් නියෝග මත රදවා විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ්අඩවියේ පළ වූ ලිපියක් සමිබන්ධයෙන් තම සේවාදායකයින් අත්අඩංගුවට ගෙන ඇති බවත් හදිසි නීති රෙගුලාසි යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන නැති බවත් ජනාධිපති නිතිඥ කාලිංග ඉන්ද්‍රතිස්සය මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

එසේ අත්අඩංගුවට ගන්නේ නම් ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගයක් තිබිය යුතු බව පෙන්වා දුන් ජනාධිපති නිතිඥවරයා මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියා දාමයකින් බව පෙන්වා දුන්නේය.

මාස තුනක කාලයක් සදහා ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබා ගත් රැදවුම් නියෝග මත රදවා සිටින මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීම සිදුකළ යුතු බව දක්වා සිටි මහේස්ත්‍රාත් වරයා ඔවුන් කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දීමට නියෝග කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();