Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ වරාය සංවර්ධනයට ත්‍රෛයි පාර්ශ්වික ගිවිසුමක්

දකුණු කොළඹ වරායේ පිහිටි නැ‍ඟෙනහිර බහලු පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දීය රාජ්‍යයන් අතර සහයෝගීතා ගිවිසුම ඊයේ (28) කොළඹදී අත්සන් කරනු ලැබීය.

ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් වන ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ එහි වරායන් විවෘත වීම ඉතාම වැදගත් කාරණයකි. මෙම ව්‍යාපෘතිය මෙම රාජ්‍යයන් ත්‍රිත්වය අතර පවත්වාගෙන ආ දිගුකාලීන සම්බන්ධතා සහ සහ‍යෝගීත්වය මෙනෙහි කරනු ලබයි. ජපානය එක්දහස් නවසීය අසූව දශකයේ සිට කොළඹ වරායේ ජය බහලු පර්යන්තය සංවර්ධනය සඳහා සහයෝගය ලබා දෙනු ලැබීය. එසේම කොළඹ වරායේ ප්‍රතිනැව්ගත කිරීම්වලින් සීයට හැත්තෑවක් පමණ ඉන්දියාවට සම්බන්ධව සිදුවේ. ඒ අනුව කොළඹ වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මෙන්ම කලාපීය සෞභාග්‍යය සහ ගෝලීය වෙළඳ ජාලය තුළ කොළඹ වරායේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ ඉන්දියාව සහ ජපානය එක්වී කටයුතු කරනු ඇත.

නැගෙනහිර පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවේ. එසේම, යෝජිත පර්යන්ත මෙහෙයුම් සමාගම විසින් සිදුකරන සියලුම මෙහෙයුම් වලින් සියයට පනස් එකක කොටස් ශ්‍රී ලංකාව සතුවන අතර හවුල් පාර්ශ්වයන්ට මිලදී ගතහැකි කොටස් ප්‍රමාණය සියයට හතළිස් නවයකි. එසේම මේ සඳහා ලබාගැනීමට අදහස් කරන ජපාන ණය, ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබුණු යහපත්ම ණය කොන්දේසි යටතේ ලැබේ. එසේම සියයට පනස් එකක කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවීම ඉතාම හොඳ හවුල් ගනුදෙනුවලින් එකකි. පර්යන්ත මෙහෙයුම් සමාගමේ අයිතියෙන් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවීම අදාළ ගිවිසුමෙන් ජාතික අවශ්‍යතාවලට ලබාදී ඇති මූලිකත්වය මනාව පිළිබිඹු කරනු ලබයි.

ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම රැස්වී අත්සන් කරනු ලැබූ සහයෝගීතා ගිවිසුමේ කරුණු ප්‍රකාරව රාජ්‍යයන් ත්‍රිත්වයම එක්වී ඉදිරි කටයුතු සිදුකොට නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් හැකි වහාම ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමු.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();