Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බදුරලිය පාසලේ බෝම්බ සිද්ධියේ සැකකරු වීරයෙක් වෙන්න හදලා

බදුරලිය දික්හේන පාසල් සිද්ධියේ සැකකරු බෝම්බ දමා ඇත්තේ එම පාසලට පොලීසියේත් හමුදාවේත් පැය 24 පුරාම ආරක්ෂාවක් ලබා ගැනීමේ අරමුණක් ද සහිත බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කෙළේය.

ඒ සම්බන්ධයෙන් ගම්වැසියන් හෝ පාසල් බලධාරීන් කිසිවක් දැන සිට නැති බව ද එම නිලධාරියා අවධාරණය කෙළේය.

බෝම්බ තොගය පාසල් භූමියට දැමූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා එම බෝම්බ පාර්සලය පාසල් භුමියට දමා ඔහුම එය සොයා ගනිමින් කර ඇත්තේ ගම් වැසියන්ගේ අවධානය තමාවෙත යොමු කැර ගනිමින් ගම්වැසියන් අතර වීරයෙක් වීමේ තවත් අරමුණක් ද ඇතිව බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

බෝම්බ සොයා ගැනීමත් සමඟ ඔහු එය සිය මුහුණු පොතේද දමා ගමේ විහාරස්ථානයට ගොස් ඝංඨාරය නාදකරමින් ගම්වැසියන්ව පාසලේ බොම්බ ඇතැයි දැනුවත් කරමින් පාසලට ගමන් කරන්නට ඇති මාර්ගය වසා මාර්ග බාධක පවා දමා ලොකු රගපෑමක් කැර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

මෙම පුද්ගලයා මේ දේවල් කරනු ලැබුවේ කිසියම් අයකුගේ හෝ කණ්ඩායමක අවශ්‍යතාවක් මතද යන්න පිළිබඳව තවදුරටත් තොරතුරු දැන ගැනීමට දුරකතන ජාල පරීක්ෂාවක් ද කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

පාසල් භූමියට බොම්බ 13 දමා ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරු බව පැහැදිලිවම විමර්ශන වලින් හෙළිවී ඇත. එම බෝම්බ තොගය ඔහුට ලැබුනේ කෙසේ දැයි තවමත් පැහැදිලිව හෙළිවී නැති බැවින් එය හෙළිකර ගැනීමට තවදුරටත් ඔහුව රදවා ගෙන පරීක්ෂණ පවත්වන බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

බදුරලිය හැඩිගල්ල ජනපදයේ පදිංචිකරුවෙක් වන පවිත්‍ර මධුසංක නැමැති එම සැකකරු නිවාස පිත්තාරු කිරීම් වල නිරතව සිටින්නෙකි. මාස දෙක තුනකට වරක් ගමට පැමිණෙන බව කියන ඔහුට එරෙහිව ද්විත්ව මිනිස් ඝාතන චෝදනාවක්ද ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ගයාන් කුමාර වීරසිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();