Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාසල්වල මුදල් එක්රැස් කිරීමේ චක්‍රලේඛය ඇමැති අහෝසි කරයි

Author(s): 
සිතාරා සේනානි

පාසල්වල මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබූ 26/2018 වහාම අවලංගු කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රේමසිරි ජයමාන්න මහතාට ඊයේ (29දා) උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව එසේ අවලංගු කිරීමට උපදෙස් ලබාදී ඇත්තේ අදාළ චක්‍රලේඛය 2018 වසරේ ජූනි 22 දින නිකුත් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගේ අත්සනින් යුතුව ය. පාසල්වලට මුදල් එක්රැස් කිරීමේ දී එම කටයුතු විධිමත් කිරීම අරමුණු කර ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව නිලධාරීන් සඳහන් කළ ද, ඒ හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයකින් තොරව අවිධිමත් ලෙස මුදල් එක්රැස් කිරීමේ හැකියාව හිමිවන බව අනාවරණය වීමත් සමඟ අධ්‍යාපන ඇමැතිවරයා අදාළ චක්‍රලේඛය අවලංගු කිරීමට උපදෙස් ලබා දී තිබේ.

ඇතැම් අවස්ථාවල නිසි ලෙස කරුණු සොයා බැලීමකින් තොරව නිලධාරීන් නිකුත් කරන ලද මෙවැනි චක්‍රලේඛ හේතුවෙන් රජය, පාසල් දරුවන්, මවුපියන් මෙන්ම ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු සියලු දෙනා අපහසුතාවයට පත්වන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

විදුහල්පතිවරුන්ට හෝ පාසල් සංවර්ධන සමිතිවලට හිතුමතේ මුදල් එක්රැස් කිරීමට අවකාශ සලසමින් කටයුතු කිරීම කිසිවිටෙකත් සිදුනොකළ යුතු බවත්, නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීම වෙනුවෙන් මවුපියන්ගේ සහ දරුවන්ගේ පාර්ශවය මුහුණ දෙන ආර්ථික සහ සමාජ අර්බුද තේරුම් ගනිමින් කටයුතු කිරීමට නිලධාරීන් පියවරගත යුතු බවත් අධ්‍යාපන ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

ඒ අනුව 26/2018 චක්‍රලේඛය ඊයේ (29) සිට අවලංගු වන අතර, ඒ වෙනුවට 5/2015 “පාසල්වල අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම” සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය බලාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();