Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කුළුබඩු අපනයනයෙන් ඩො.මි 1500ක ආදායම් ඉලක්කයක්

Author(s): 
මානෙල් පුෂ්ප කුමාරි

මෙරට කුළුබඩු අපනයනයෙන් ඩොලර් මිලියන 1500 ආදායමක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා ප්‍රකාශ කෙළේ ය.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මඟින් සිදු කරනු ලබන සේවාවන් පිළිබඳ පසුගියදා පැවැති සම්මන්ත්‍රණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ප්‍රජා නායකයන් දැනුවත් කරමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කෙළේ ය.

මෙහිදී පැමිණ සිටි පිරිස අමතූ ඇමැතිවරයා මේ බවද කියා සිටියේ ය.

චීනයේ වැවෙන කුරුදු කැෂියා නමින් හඳුන්වනු ලබන අතර එය පිළිකා කරකයක් බවත් නියම කුරුඳු පිළිකා කාරකයට ප්‍රතිවිරුද්ධ බවත් එමඟින් මිනිස්සිරුරේ සීනි,කොලෙස්ටරෝල් අඩු වන බවත් ඇමැතිවරයා සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ ඇත්තේ නියම කුරුඳු බව කී අමාත්‍යවරයා මෙරට කුරුඳු සියලු රෝගවලට දිවඔසුවක් වන බවත් පැවසීය. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ක්‍රමය හරහා බැංකු සමඟ සාකච්ඡා කර භෝග වගාකරුවන්ට ණය ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

මෙරට කුරුඳු අපනයනය කර තිබූ ප්‍රධාන රට මෙක්සිකෝවයි. ඒ අනුව පසුගිය වසරේ අපනයනය කළ කුරුඳු ප්‍රමාණය සියයට පනස් දෙකකි. නමුත් එය මේවන විට සියයට තිස්නවය දක්වා අඩු කර තිබේ. විදෙස් රටවල ප්‍රදර්ශනවලට මෙරට කුරුඳු භෝග වගාකරුවන් සහභාගි කරවා අපනයනය ආදායම වැඩි කර ගැනිමට කටයුතු කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කෙළේ ය.

කුරුඳුවල අගයදාමය වැඩි කර ගැනීමට මෙරට විශ්වවිද්‍යාල පහකට ඒ සඳහා වන පර්යේෂණ කටයුතු කිරීමට රුපියල් මිලියන 146 ක් වෙන් කර ඇත. මේ වන විටත් එහි හොඳ ප්‍රතිළුල ලැබෙමින් පවතින බව දයා ගමගේ ඇමැතිවරයා කීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();