Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගතවූ මාස දෙකේ රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් රැසක් සිදුකරලා

Author(s): 
ස්වර්ණා විජේකෝන්

ගතවූ මාස දෙකක කාලයේදී රාජ්‍ය සේවය තුළ දේශපාලන පළිගැනීම් රැසක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධා‍න ලේකම් රෝයි ද මැල් මහතා පවසයි.

තමන් කැමති දේශපාලන මතයක් දැරීමේ අයිතිය සියලු දෙනාටම ඇති බවත් දේශපාලනික කරුණු හුවා දක්වමින් සිදුකර ඇති මේ දේශපාලන පළිගැනීම් කිසිසේත් අනුමත නොකරන බවත් ඒ මහතා සඳහන් කළේය.

රෝයි ද මෙල් මහතා මේ බව සඳහන් කෙළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රෝයි ද මැල් මහතා මෙසේද පැවැසීය.

පසුගිය මාස කිහිපය තුළ රාජ්‍ය ආයතන තුළ සිදුවෙමින් තිබෙන දේශපාලන පළිගැනීම් වලට එරෙහිව අපි යම් පියවරක් ගැනීමට අපේක්ෂා කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පමණක් 36 දෙනෙක් මාරු කර තිබෙනවා .මේ මාරුවිම් සිදුකර තිබෙන්නේ කොළඹ තුළ නෙවෙයි. වව්නියාව, මඩකලපුව වැනි දුෂ්කර ප්‍රදේශ වලට මේ අය මාරු කර තිබෙන්නේ. ඒ වගේම වනජීවි දෙපාර්තමේන්තුව , මුද්‍රණ දෙපාර්තමේන්තුව ,දුම්රිය දෙපාර්තමේන්තුව වැනි ආයතන වල මෙවැනි දේශපාලන පලිගැනීම් රැසක් වාර්තා වෙනවා. මේ ආකාරයට සිදුකරන දේශපාලන පළිගැනීම් නතර කරන්න කියා අපි ආණ්ඩුවට කියනවා.ඒ වගේම ඉදිරියේදී අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවැනි ආකාරයට රාජ්‍ය සේවය තුළ සිටින සේවයකයින් දේශපාලනික පළිගැනීම් ලෙස මාරු කළාම පොදු මහජනතාව අපේක්ෂා කරන ‍රාජ්‍ය සේවය ලබා දෙන්නේ කොහොමද?අද වනවිට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක් නැහැ.

අදවනවිට සේනා දළමුවා ගැන කතාකරනවා. සේනා දළඹුවා වෙනුවෙන් රජයට වැඩපිලිවෙළක් තිබෙනවාද .නමුත් මේ දළමුවා ඇමරිකන් බීජ වලට බෝ වෙන්නෙ නැහැ. අපි මේ ගැන සොයා බැලිය යුතුයි.

ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ජාත්‍යන්තර කටයුතු හා මාධ්‍ය ලේකම් ආචාර්ය එරික් ජයලත් මහතා

රජයේ සේවකයින්ගේ ගැටළු ගැන මේ රජයේ මැදිහත් වීමක් නැහැ. මේ දිනවල රජයේ සේවකයින් දේශපාලන පළිගැනීම් වලට ලක් වෙනවා. නමුත් මේ දේවල් නතර කළ යුතුයි. සියළු දෙනාටම වෘත්තිය අයිතිවාසිකම් තිබෙනවා‍ .රාජ්‍ය සේවකයින් මුහුණදෙන විවිධ ගැටළු තිබෙනවා. ඒ දේවල් විසඳීම වෙනුවෙන් යම් මැදිහත් විමක් කරන්න‍ට මේ රජයට අවශ්‍යතාවක් නැහැ. විගණන කොමිසම මේ වනවිටත් ස්ථාපිත කර නැහැ. නිලධාරිවාදය නිසා අද රාජ්‍ය සේවය අද කඩා වැටිලා.

රටතුළ අද බොහෝ තරම් ප්‍රශ්න තිබෙනවා. එසේ තිබියදීත් මේ ආණ්ඩුව ව්‍යවස්ථාවක් ගැන කතාකරනවා. මේ වෙලාවේ රටට තිබෙන්නේ ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් නෙවෙයි. ඉදිරිපත් කරනු ලැබුවේ ව්‍යවස්ථා කෙටුම්පතක් නොවන බව ආණ්ඩුව කියනවා. නමුත් සභාගත කරනවා. මේ මඟින් පොලිස් බලතල, ඉඩම් බලතල ආදිය ලබාදීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා. මේ වෙලාවේ අවශ්‍ය වන්නේ එවැනි වූ විවිධ බලතල ලබාදීමද යන්න අප‍ට තිබෙන ප්‍රශ්නයක්. ඒ වගේම රාජ්‍ය බෙදන්නේ කොහොමද කියන එක තමයි ව්‍යවස්ථාවේ ප්‍රධාන අරමුණ . ඒ නිසා අපි මේ වෙලාවේ කියන්නේ රටේ පවතින මූලික ප්‍රශ්න ගැන රජය තේරුම් ගත යුතුයි. ඒ වගේම මේ වනවිට මාධ්‍ය ආයතන වලට විවිධ බලපෑම් එල්ල වෙනවා. ඒ දේවල් සම්බන්ධයෙන්ද මැදිහත් වීම් සිදුකළ යුතුයි.

එමෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු කාලය ඉක්මවා ගොස් තිබෙනවා. නමුත් මැතිවණය පැවැත්වීම සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමුකරන්නේ නැහැ.

මෙම අවස්ථාවේදී වෘත්තිය සමිති නියෝජිතයින් කිහිප දෙනෙක්ම අදහස් දැක්වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();