Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුප්පත් සිසුවකුගේ සරසවි සිහිනය සැබෑ කිරීමට රේගුවෙන් උපකාරයක්

Author(s): 
නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා රේගු ආදායමේ සියයට විස්සක අවම වැඩි වීමක් මේ වසරේ බලා පොරොත්තුවන බව රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා පවසයි. ඇමතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තුමේන්තුවේ පැවැති 66 වන සංවත්සරයට සහභාගිවු අවස්ථාවේදීය‍.

මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය ඇමතිවරයා‘‘Smart Borders for Seamless Traval And Transport‘‘ යනු මේ වසරේ තේමාව වෙයි. නමුත් රටේ බදු ආදායම් එකතු කිරීමෙන් සියයට හැටක් එකතු කිරීම කිරීම රේගුවේ වගකීමයි. පසුගිය ගෝලීය දර්ශකයන් තුළ වර්ධනයක් ශ්‍රී ලංකා රේගුව පෙන්නුම් කර තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව ‘‘මැජස්ටික් ප්‍රොප්‍රෝමන්ඩ් ‘‘ලෝක බැංකුවේ 2018 වසරේදී ස්ථාන එකොළහක් ඉදිරියට ඇවිත් තිබෙනවා. රේගුවේ සේවා ඵලදායි තාවය සඳහා නවීන තාක්ෂණය යොදා ගත යුතුයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාමත් සමග එය පාලනය සඳහා නවීන තාක්ෂණය උපකාරීවෙයි. ලෝක බැංකුව ගමනාන්ත නාමාවලිය ට 79 වන ස්ථානය හිමිවී තිබෙනවා. ලෝක රේගු සංවිධානයේ මහලේකම් කුම්ලෝ නුකුරියා මහතාද මේ සදහා සුබපැතුම් පණිවිඩයක්ද එවා තිබුණ බවද මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම උත්වසයට සමගාමීව රේගු නිලධාරීන් දුප්පත් පාසලක දරුවකුට අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදුන් අතර රේගු සංවත්සරයට සමගාමීව මීට දින කිහිපයකට පෙර දඹාන ඇතුළු දුෂ්කර පාසල් වලට ද පාසල් පහකට පොත්පත් බෙදා දීමක්ද සිදු කර තිබිණ.

මෙම අවස්ථාවට රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ටී.එස්.එච්. චාලස්, මහාචාර්ය අජන්ත ධර්මසිරි, මහබැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();