Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඥානසාර හිමිට එරෙහි නඩුවේ තීන්දුව 8වෙනිදාට.

Bodu Bala Sena Secretary Ven_ Galagoda Aththe Gnan

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලට අදාළ තීන්දුව ලබන මස  08  වනදා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය නියම කර ඇත. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.

ඉකුත් 2016 වසරේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාසාත්මක අයුරින් හැසිරුණු බවට චෝදනා කරමින් එම අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි. එම පැමිණිල්ලේ විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි තීන්දුව ලබන 08 වනදා ප්‍රකාශ කරන බව අද(18) නිවේදනය කර ඇත.

The post ඥානසාර හිමිට එරෙහි නඩුවේ තීන්දුව 8වෙනිදාට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();