Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෝඨා, මහින්ද පාර්ශව ඇවිලෙයි.

Mahinda_Gota

ඉදිරි ජනාධිපතිවරණයට, ගෝඨාභය රාජපක්ෂව ඉදිරිපත් කිරීමට තීරණය කර නැතැයි මහින්ද රාජපක්ෂ විසින් පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් ඊට සමාන්තරව කුමාර වෙල්ගම  හා වාසුදේව නානායක්කාර යන මහින්දට සමීප නායකයින් ගෝඨාභය රාජපක්ෂට ප්‍රසිද්ධියේ පහරදීමත් සමග ගෝඨා පාර්ශවය බරපතල ලෙස මහින්ද රාජපක්ෂ විවේචනය කිරීමට පටන්ගෙන ඇති අතර  කුමාර වෙල්ගම හා වාසුදේව නානායක්කාරටද ප්‍රබල ප්‍රහාරයක් සමාජජාල හරහා එල්ල කරමින් පවතී.

පසුගියදා පිළියන්දල පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ  සිටියේ, ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන එන බවක් තමා කිසිවිටෙක ප්‍රකාශකර නොමැති බවය. මෙය සැලවීමත් සමග විමල් වීරවංශ ප්‍රමුඛ ගෝඨා හිතවාදීන් මහත් කලබලයට පත්ව ඇති බව පැවසේ.

“ඔබතුමා අපිට නොකීවට ලොකු හාමුදුරුවෝ දන්නවා ඊළඟට ඉදිරිපත් වෙන්නේ කව්ද කියලා? ගෝඨාභය මහත්තය බලයට ආවහම කරගන්නවා කියලා උන්වහන්සේ කීවා” යයි පවසමින්, මාධ්‍යවේදියකු ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන්නේ දැයි ව්‍යංගාර්ථයෙන් විමසූ අවස්ථාවේදී ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ මහින්ද රාජපක්ෂ , ”මම එහෙම දෙයක් ප්‍රකාශ කරලා නැ.  මම අයෙත් බලයට ආවහම ගෝඨාභය රාජපක්ෂ ට වැඩ කරන්න පුළුවන්” යයි මහින්ද රාජපක්ෂ පිලියන්දලදී පවසා ඇත.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබා ඇති ‘වියත්මඟ’ සංවිධානයේ ප්‍රධානියකුවන නාලක ගොඩහේවා පවසන්නේ, අවසානයේ ජනතාව පිලිගන්නා අපේක්ෂයා නැතුව දිනිය නොහැකි බව කෘතහස්ත දේශපාලනඥයෙක් වන මහින්ද රාජපක්ෂ  තේරුම් ගන්නා බව තමාට විශ්වාස බවයි.

FB_Note

The post ගෝඨා, මහින්ද පාර්ශව ඇවිලෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();