Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සෞදි කතුන් ගුවන් යානා පැදවීමට සැරසෙයි

කාන්තාවන්ට ගුවන් යානා පැදවීමේ පුහුණුව ලබාදීමට සෞදි අරාබිය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඒ දශක ගණනාවක් පුරා කාන්තාවන්ට පනවා තිබූ රිය පැදවීමේ නීතිය ඉවත් කර මාසයක් ගතවීමටත් ප්‍රථම ය. කාන්තාවන් සිය ගණනක් මේ වන විට ගුවන් යානා පැදවීමේ පුහුණුව සඳහා අයදුම්කර ඇතැයි සදහන් ය. ඒ අනුව ඔක්ස්ෆර්ඩ් ගුවන් සේවා ඇකඩමියේ පුහුණුව සඳහා අයදුම්කර ඇත.
 
ඒ අනූව සෞදියේ ඔමාම් නගරයේ නව පුහුණු පාසලක් ඇරඹීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වේ.
 
සැප්තැම්බර් මාසයේ දී මෙම පුහුණු වීම් ආරම්භ කිරීමට නියමිත ය.
 
සෞදියේ ඔටුන්න හිමි කුමරු මෙහොමඩ් බින් සල්මාන් විසින් කාන්තාවන්ට සම අයිතිය ලබාදීම සැලසුමේ එක් කොටසක් ලෙස මෙය හැඳින්වේ.
 
2030 වන විට අර්ථික සංවර්ධනය සඳහා කාන්තාවන්ගේ දායකත්වය ලබාගැනීම මෙහි අරමුණයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();