Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෝටි 100 හෙරොයින් නඩුවේ විදෙස් සැකකරුවෝ ගොළුවෙති

Author(s): 
සුභාෂිණී සේනානායක

රුපියල් කෝටි සීයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ කොල්ලුපිටියේදී ඊයේ (30දා) අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් තිදෙනා ඇතුළු සැකකරුවන් පස් දෙනකු ලබන පෙබරවාරි මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ 30 (29) නියෝග කළේය.

ඉකුත් 22 දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රදවා ප්‍රශ්න කිරීමට ලක් කළ සැකකරුවන් පස් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය සිදු කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ උඩුගහපත්තුවගේ දොන් ඉන්දාජිත් පත්මකුමාර, හලෝලුව කංකානම්ගේ චමික දිමුතු අමරසිංහ යන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා සහ චම්ස් ඉෂාන් කවුඩා,(ඇමරිකානු ජාතික) ෆර්හාඩ් ෂකීර්, (ඇෆ්ගනිස්ථාන් ජාතික)ෂවුන් ඇන්තනී මාර්ෂල් යන ඇමරිකානුු, ජාතිකයන් වෙති.

ඩයිසැටමෝල් මෝෆීන් නොහොත් හෙරොයින් කිලෝ 95 ග්රූම් 88 ක් අත්අඩංගුවට ගනු ලැබූ බවත් පුද්ගලික ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය ට ලැබුණු තොරතුරක් මත කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ල විදුලි සෝපානය අසල තිබී නිවසක් තුළ තිබී සොයා ගත් හෙරොයින් තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් කරුණු ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීම සිදු කරමින් පවතින බවත් නිවස සහ වාහනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේය.

සිද්ධියට අදාළව පළමු සැකකරු වන ඉන්ද්‍රජිත් පත්මකුමාර යන අයගේ හොංකොං සිටින අනුරුද්ධ නමැති අයකු හරහා යහලුවකු වන සිරි නැමැත්තා හඳුනාගෙන ඇති බවත් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කිරීමට එකඟවී මත්ද්‍රව්‍ය තොගය ලබා ගැනීම සඳහා ඇමරිකානු ජාතික දෙවන සැකකාරයා හඳුනාගෙන එම මත්ද්‍රව්‍ය තොගය ලබා ගැනීම සඳහා තුන්වන සැකකරු ගේ උපදෙස් මත ගිය බවත් සිදු කළ විමර්ශන අනාවරණය කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();