Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊශ්‍රායල් රැකියා පෙන්වා මුදල් වංචාකළ සැකකරු දැලේ.

arrested sri lanka 2

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව ඊශ්‍රායල් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි සහබ්දීන් මොහොමඩ් නවුෂාඩ් නම් පුද්ගලයෙකි. මොහු බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදේශ ගතකිරීම සදහා නීති විරෝධී අයුරින් මුදල් ලබාගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මුදල් ලබාගත් බවට සැකකරු විසින් පුද්ගලයින් වෙත නිකුත් කරන ලද ගිවිසුම් පත් ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

සැකකරු පුස්සැල්ලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු.100,000 ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලදී. එසේම 2018 ඔක්තෝම්බර් 26 වන දින නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබේ.

The post ඊශ්‍රායල් රැකියා පෙන්වා මුදල් වංචාකළ සැකකරු දැලේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();