Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්දට චීනයෙන් ඩොලර් මිලියන 7.6ක් ලබාදීම ගැන විමර්ශන CIDයට.

mahinda chairman

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ කටයුතුවලට චීනයෙන් ඇමරිකා ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාදීමේ චෝදනාව පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව සඳහන් වේ. පසුගිය ජුනි 29 වැනිදා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය මේ පිළිබඳ විමර්ශනයක් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ඉල්ලා තිබිණි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව හම්බන්තොට වරාය ව්‍යාපෘතියට සම්බන්ධ චයිනා හාබර් සමාගම මගින් මේ මුදල් ලබා දී තිබේ. 2015 ජනවාරි 08 වනදා පැවැති ජනාධිපතිවරණයට දින දහයකට පෙර චීනයෙන් චෙක්පත් මගින් පමණක් ලබා දී ඇති මුදල ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 3.7කි. මහින්ද රාජපක්ෂ ගේ ප්‍රචාරක ටී-ෂර්ට් සහ වෙනත් මුද්‍රණ කටයුතු සඳහා එයින් ඩොලර් 678,000ක් ලබාදී ඇත.

ඡන්දදායකයන්ට අල්ලස් ලෙස සාරි සහ වෙනත් තෑගි භාණ්ඩ ලබාදීමටද ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 297,000ක් වෙන්කර තිබේ. මහින්ද රාජපක්ෂගේ මැතිවරණ කටයුතුවලට සහයෝගය දැක්වූ ජනප්‍රිය භික්ෂූන්වහන්සේ නමකටද ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 38,000ක් ගෙවා තිබේ.

මීට අදාළ චෙක්පත් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ 1135919019 දරන ගිණුම් අංකය හරහා නිකුත් කර තිබේ. එසේම චයිනා හාබර් ගිණුම යටතේ පාලනය වන හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය හඳුන්වන එච්.පී.ඩී.පී පේස් ටූ ගිණුමෙන්ද මීට අදාළ මුදල් හුවමාරු කර ඇත.

ජනාධිපතිවරණයට දින දෙකකට පෙර රුපියල් කෝටි දෙක හමාර බැගින් 981328, 981333, 981336 සහ 981335 දරන අංක සහිත චෙක්පත් හතරක්ද මෙම ගිණුම් හරහා මාරුකරගෙන තිබේ.

මේ චෝදනාව සම්බන්ධයෙන් මෙතෙක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති අතර මහින්පිල විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ පසුගිය ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ චීනයෙන් මුදල් ලබානොගත් බවය.

The post මහින්දට චීනයෙන් ඩොලර් මිලියන 7.6ක් ලබාදීම ගැන විමර්ශන CIDයට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();