Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කප්පම් ගන්නා කල්ලියක් ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

ජංගම දුරකථන පදනම් කරගත් මුදල් හුවමාරු ක්‍රමයක් භාවිතා කරමින් සිදුවන වංචා සහ පුද්ගලයන්ට තර්ජනය කර කප්පම් ගැනීම් සිදුකිරීමක් පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යංශය, මහජනතාවට දැනුම් දීමක් සිදු කරනු ලැබේ. 
 
සංවිධානාත්මක කණ්ඩායමන් විසින් මෙම කප්පම් ගැනීම සිදු කරන බව ආවරණය වී ඇත. 
 
මෙය සාකච්ඡාවට පදුන්ව ඇත්තේ පසුගියදා ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, පැවැති රැස්වීමක දීය.
 
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙමින් පවතින විමර්ශනයට තමන්ගේ නම ඇතුලත්ව ඇති බව පවසා එයින් නම ඉවත් කිරීමට මෙලෙස ජංගම දුරකථන ඔස්සේ විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රම  ඔස්සේ කප්පම් ගැනීම සිදුකෙරෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.
 
මෙහිදී කරුණු දක්වමින් පොලිසිය සඳහන් කර ඇත්තේ කප්පම්කරුවන් විසින් පුද්ගලයින් ගෙන් රුපියල් 25000-50,000 අතර මුදලක් ඉල්ලා තර්ජණය කොට ඇති බවයි.
 
මේ සිද්ධීන් සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් මෙහිදී ජනතාවද බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දී ඇත.
 
යම් හෙයකින් කිසියම් හෝ පුද්ගලයෙකුට මෙවැනි දුරකථන ඇමතුම් ලැබුණහොත් ළඟම ඇති පොලිසියට හෝ 119 අංකයට දැනුම් දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
   

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();