Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෘත්තීය පුහුණු පාඨමාලාවලට බඳවා ගන්නා පිරිස දෙගුණයකින් වැඩි කරන්න

ඇමැති අමුණුගමගෙන් නිලධාරීන්ට නියෝග

වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා බඳවා ගන්නා පිරිස දෙගුණයකින් වැඩි කිරීමටත්, ඒවායේ පාඨමාලා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වෙනස් කරන ලෙසටත් ආචාර්ය සරත් අමුණුගම ඇමැතිවරයා නිලධාරීන්ට නියෝග කරයි.

විද්‍යා තාක්ෂණ පර්යේෂණ, නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු හා කඳුරට උරුම පිළිබඳ අමාත්‍යාංශ යටතේ ඒ ඒ ආයතනවල ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා බඳවා ගනු ලබන පිරිස දෙගුණයකින් වැඩි කරන ලෙසත් එසේම එම පාඨමාලා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වෙනස් කරන ලෙසත් විද්‍යා තාක්ෂණ පර්යේෂණ, නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු හා කඳුරට උරුම පිළිබඳ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා අමාත්‍යාංශ නිලධාරීන් හා එම අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන ප්‍රධානීන් ගෙන්වා උපදෙස් දෙන ලදි.

මේ නියෝග හා උපදෙස් ලබා දුන්නේ ඇමැතිවරයා සිය අමාත්‍යාංශ නිලධාරීන් ගෙන්වා සාකච්ඡාවක් පවත්වමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"රටේ රැකියා හිඟයට ප්‍රධාන හේතුවක් නම් නිසි වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා නොතිබීමයි. රැකියාවක් ලබාගැනීම අ. පො. ස. (සා/පෙළ) හෝ අ. පො. ස. (උ/පෙළ) හෝ උපාධියක් තිබූ පමණින් කළ නොහැකියි. යම් කෙනකුට සුදුසු වෘත්තීය පුහුණුවක් ලබා තිබේ නම් මෙරට පමණක් නොව විදේශ රටවලත් ඕනෑ තරම් රැකියා අවස්ථා පවතිනවා. එහෙත් අද රටේ උග්‍රම කාර්යය වී පවතින්නේ රැකියාවකට අදාළ පුහුණවක් නැතිකමයි. ඒ නිසා මගේ අමාත්‍යාංශය යටතේ තිබෙන වෘත්තීය පුහුණුව ලබා දෙන ආයතන මේවාට බඳවා ගන්නා පිරිස් දෙගුණයක් දක්වා වැඩි කළ යුතුයි. එසේම එම පාඨමාලා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස සකස් කළ යුතුයි. එසේ වන විට මේ පුහුණුව ලැබීමෙන් අනතුරුව ලංකාවේ පමණක් නොව විදේශ රටවලත් මේ පිරිස්වලට හොඳ රැකියා ලබාගැනීමේ අවස්ථාව උදා වෙනවා. මේ පාඨමාලා සඳහා දෙගුණයක් බඳවා ගැනීම ඊළඟ බඳවා ගැනීමේ දී අනිවාර්යයෙන්ම කළ යුතුය. ඊළඟ බඳවා ගැනීම ජූලි මාසයේ දී සිදු වන නිසා එම මාසයේ දී මේ දෙගුණය බඳවාගැනීම අනිවාර්යයෙන්ම කරන්න." 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();