Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“ආන්දෝලනාත්මක විශේෂ පුවත්පත් සාකච්ඡාවක්” ගැන පොලිස්පති කියයි.

Pujith_Jayasundara

ආන්දෝලනාත්මක විශේෂ පුවත්පත් සාකච්ඡාවක් ලබන මාසයේදී පවත්වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසා ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා විවිධ විමර්ශන අංශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද සම්බන්ධ කරගෙන පවත්වන මෙම සුවිශේෂි පුවත්පත් සාකච්ඡාවේදී පොලිස් දෙපාර්තමේන්තුව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පොලිසියේ ඉදිරි සැලසුම් ඇතුළු තොරතුරු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවද පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබේ.

අපරාධ මර්දනයට ගෙන ඇති ක්‍රියාමාර්ග හා අපරාධ මර්දනය සම්බන්ධයෙන්  විශේෂ ඉදිරි සැලසුම් යනාදිය පිළිබඳවද මෙහිදී විශේෂයෙන් තොරතුරු අනාවරණය කෙරෙන බවත්  පවසා ඇති පොලිස්පතිවරයා, පොලිසිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට පවසා ගැටලු නිරාකරණය කර ගැනීමටද අවස්ථාව සලසා දෙන බව පවසා ඇත.

එමෙන්ම පොලිසියේ දියුණුව සඳහා මාධ්‍යවේදින්ගේ යෝජනා ඇත්නම් ඒවා ගැනීමට ද මෙහිදී කටයුතු කරන බවත් තමාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරුණු විවිධ වැඩසටහන් නිසා රටේ අපරාධ මර්දනයේ ලොකු ප්‍රගතියක් අත්කරගෙන ඇතැයිද පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

The post “ආන්දෝලනාත්මක විශේෂ පුවත්පත් සාකච්ඡාවක්” ගැන පොලිස්පති කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();