Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අහිතකර දේශගුණික බලපෑම් අවම කිරීමට ජාත්‍යන්තර ගිවිසුමක්.

Minister_Niroshan_Perera

ශ්‍රී ලංකාව සහ හරිත දේශගුණික අරමුදල අතර සත්කාරක රාජ්‍ය ගිවිසුමකට එලඹීමට රජය තීරණය කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පැවසීය.

රජය මෙම තීරණය ගෙන තිබෙන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව පරිසර හිතකාමී හරිත කලාපයක් බවට පත්කර ගැනීමේ අරමුණෙනි.  මීට අමතරව කෘෂි වන වගා පර්යේෂණ පිලිබඳ ජාත්‍යන්තර කවුන්සිලයේ සත්කාරක රජයක් ලෙස ගිවිසුමකට එළඹීමටත්, ගෝලීය හරිත වර්ධන ආයතනයේ සාමාජිකත්වය ලබා ගැනිමටත් රජය තීරණය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මේ සඳහා වන යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබේ. හරිත දේශගුණික අරමුදලේ සභාපති වන එක්සත් ජාතීන්ගේ  සංගමයේ හිටපු මහ ලේකම් බෑන් කී මුන් ශ්‍රී ලංකාවේ අහිතකර දේශගුණික බලපෑම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය දැක් වීමට මේ වනවිටත් එකගතාව පළ කර ඇත.

The post අහිතකර දේශගුණික බලපෑම් අවම කිරීමට ජාත්‍යන්තර ගිවිසුමක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();